Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සවිත් කනිෂ්ඨ බාලක ශූරතාව දිනයි

සවිත් කනිෂ්ඨ බාලක ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 103 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ බාලක (වයස 18 පහළ) කේවල ශූරතාව දිනාගැනීමට සවිත් වීරසිංහ සමත් විය. අවසන් මහ තරගයේදී තරග වට 2-1 ක් ලෙස චාතුර්ය නිලවීර පරාජය කරමින් ඔහු මේ වසරේ (2018) ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත් විය.  

පළමු වටය ලකුණු 6/1 ක් ලෙස ජයගනිමින් අවසන් තරගයේ ආරම්භයේදීම වට 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සවිත් සමත් වුවද, ලකුණු 6/3 ක් ලෙසින් දෙවැනි වටයේ ජය චාතුර්ය සතු වීමත් සමග තරගය වට 1-1 ක් ලෙස සම තත්වයට පත් විය. කෙසේ වුවත් දෙදෙනාටම තීර්ණාත්මක වූ තෙවැනි වටයේදී ලකුණු 6/2 කින් ජයගත්  සවිත් වට 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
 
පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/3, 6/2) ලෙස අෂේන් සිල්වා පරාජය කරමින් චාතුර්ය නිලවීර අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සවිත් වීරසිංහ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/1, 6/4) ලෙස විභූද විජේබණ්ඩාර පරාජය කරමිනි.

ජාතික ටෙනිස් ශූරතාවලිය සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී ඉසව් 29 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 365 දෙනෙක් තරග වදිති.

 


අදහස් (0)

සවිත් කනිෂ්ඨ බාලක ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.