සවිත් - අංජලිකා - අලානා ජය ලබති
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාත්‍යන්තර කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ දෙවැනි සතියේ මූලික වටයේදී ජයග්‍රහණ වාර්තා කිරීමට සවිත් වීරසිංහ, අංජලිකා කුරේරා සහ අලානා සෙනෙවිරත්න යන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
බාලක ඉසව්වේ මූලික වටයේ තරගයකදී ඉන්දුනීසියාවේ නයුවැල්ඩෝ ජැටී අගට්රාට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට සවිත් වීරසිංහ සමත් විය. එම තරගයේ පළමු වටය ලකුණු 6/4 ක් ලෙස ජයගත් සවිත්, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 6/3 ක් ලෙසිනි.
බාලිකා ඉසව්වේ මූලික වටයේ තරගවලදී වට 2-0 ක් ලෙස ඉන්දීය ක්‍රීඩිකාවන් වන හරිවර්ෂිණී මුරුගේසන් සහ ස්නිග්ධා බරුවා පරාජය කිරීමට අංජලිකා කුරේරා සහ අලානා සෙනෙවිරත්න සමත් වූහ. මූලික වටයේ තවත් තරගයකදී ඉන්දීය ක්‍රීඩිකා රේෂ්මා චල්ලරාපු හමුවේ ඔනෙලි පෙරේරා වට 2-0 ක් ලෙස පරාජයට පත් වූවාය.
අන්තර් ජාතික ටෙනිස් සම්මේලනයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය මේ මස 16 වැනිදා දක්වා පැවැත්වේ.
මූලික වටයේ තරග ප්‍රතිඵල
බාලක කේවල
■ සවිත් වීරසිංහ (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස නයුවැල්ඩෝ ජැටී අගට්රා (ඉන්දුනීසියාව) පරාජය කරන ලදි. (6/4, 6/3)
බාලිකා කේවල
■ අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස හරිවර්ෂිණී මුරුගේසන් (ඉන්දියාව) පරාජය කරන ලදි. (6/1, 6/3)
■ අලානා සෙනෙවිරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස ස්නිග්ධා බරුවා (ඉන්දියාව) පරාජය කරන ලදි. (7/5, 6/3)
■ රේෂ්මා චල්ලරාපු (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/2, 6/3)