Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ ස්ටෑන්ඩඩ් පාපැදි ඉසව්වේ පිරිමි තරගය ජයගැනීමට වයඹ පළාතේ සිසිර කුමාරද, කාන්තා තරගය ජයගැනීමට බස්නාහිර පළාතේ ඒ.එන්. මධුරංගිද සමත් වූහ.
පිරිමි ස්ටෑන්ඩඩ් තරගයේ ජයග්‍රාහකයින් |
පිරිමි තරගය නිමා කිරීමට සඳහා සිසිර කුමාරට පැය 3 යි, විනාඩි 36 යි, තත්පර 18 ක කායලක් ගත වූ අතර ඔහු සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ වසන්ත හරිස්චන්ද්‍ර (බස්නාහිර පළාත) සහ ඩබ්ලිව්.එම්.එස්. විතානගේ (ඌව පළාත) පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූහ. පිරිමි තරගය ස්ප්‍රින්ට් අදියර දෙකකින් සමන්විත වූ අතර එම අදියර දෙකේම ජයග්‍රහකයා බවට පත්වීමට සිසිර කුමාර සමත් විය.
ඒ.එන්. මධුරංගි කාන්තා තරගය අවසන් කළේ පැය 1 යි, විනාඩි 52 යි තත්පර 25 ක කාලයක් වාර්තා කරමිනි.
දෙවැනි ස්ථානය හිමිකරගත් උතුර පළාතේ බී. තනුසුජාන්තිනි සහ තෙවැනි ස්ථානය හිමිකරගත් නැගෙනහිර පළාතේ එම්.එන්.එස්. වීරසිංහද, මධුරංගි සමග එක පොකුරේ පැමිණ තරග තරගය නිමා කළහ. කාන්තා තරගයට අන්තර්ගත වූ එකම ස්ප්‍රින්ට් අදියර ජයග්‍රහණය කරනු ලැබුවේ වයඹ පළාතේ සඳලි නිපුනිකා විසිනි.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීම යටතේ පැවැති මෙම ස්ටෑන්ඩඞ් පාපැදි ඉසව්වේ පිරිමි තරගය පුත්තලම නගරයේ සිට වාරියපොල නගරය දක්වා ගොස් නැවත පුත්තලම නගරයට පැමිණීමෙන් අවසන් විය.
එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 129 කි. කිලෝ මීටර් 52 ක දුර ප්‍රමණයකින් සමන්විත වූ කාන්තා තරග පුත්තලම නගරයේ සිට ආනමඩුව නගරය දක්වා ගොස් නැවත පුත්තලම නගරයට පැමිණීමෙන් අවසන් විය.
කාන්තා ස්ටෑන්ඩඩ් තරගයේ ජයග්‍රාහිකාවන් |
පිරිමි තරග ප්‍රතිඵල
1 සිසිර කුමාර (වයඹ) - පැය 3:36:18
2 වසන්ත හරිස්චන්ද්‍ර (බස්නාහිර) - පැය 3:36:18
3 ඩබ්ලිව්.එම්.එස්. විතානගේ (ඌව) - පැය 3:36:18
4 රොෂාන් විජේසූරිය (වයඹ) - පැය 3:39:34
5 නිපුන් විමුක්ති (උතුරු මැද) - පැය 3:39:34
කාන්තා තරග ප්‍රතිඵල
1 ඒ.එන්. මධුරංගි (බස්නාහිර) - පැය 1:52:25
2 බී. තනුසුජාන්තිනි (උතුර) - පැය 1:52:25
3 එම්.එන්.එස්. වීරසිංහ (නැගෙනහිර) - පැය 1:52:25
4 ඉනෝකා චන්ද්‍රානි (උතුරු මැද) - පැය 1:52:25
5 එස්.පී.එස්. නිරෝෂනී (වයඹ) - පැය 1:52:25
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.