Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඬේවිඞ් වෝනර් දෙදෙනාට සිඞ්නි නගරයේ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේනමුත් අන්තර් ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කිරීමට බැන්ක්‍රොෆ්ට්ට එම අවස්ථාව ලබාදෙන තුරු තවදුරටත් බලා සිටීමට සිදුවනු ඇත.
දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර කේප්ටවුන්හිදී පැවැති තෙවන ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට හසු වූ හිටපු නායක ස්ටිව් ස්මිත් හා උප නායක ඬේවිඞ් වෝනර්ට මාස 12ක තරග තහනමක්ද, බැන්ක්‍රොෆ්ට්ට මාස 9 ක තරග තහනමක්ද පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය.
අන්තර්ජාතික තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදුන්නත් දේශීය අන්තර් ක්‍රීඩා සමාජ තරග සඳහා ක්‍රීඩා කිරීමට ස්මිත්ට හා වෝනර්ට අවසර ලබාදීමට තීරණය කර ඇත.
බටහිර ඕස්ට්‍රේලියා දිස්ත්‍රික් ක්‍රිකට් සභාව ස්වාධීන ආයතනයක් වන නිසා බැන්ක්‍රොෆ්ට් මෙම තරග වාරයේ ක්‍රිකට් තරග සඳහා සහභාගී වනවාද? නැද්ද? යන්න පිළිබඳව මේ මස 14 වැනිදාට පෙර ලබා දෙන බවද සඳහන් කරයි.
තරග තහනමට ලක් වීමට පෙර ස්මිත්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටත්, වෝනර් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගතව සිටියහ. නමුත් තරග තහනමට ලක්වීමත් සමග මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියද ඔවුන්ට අහිමිවිය.
“ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමිතීන් සපුරා ලීමට ඔවුන් කැමැති නම්, සෑම කෙනෙකුටම ස්ථානයක් තිබේ යැයි තමන් විශ්වාස කරන බව ඕස්ටේ්‍රලියානු නව පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා ප්‍රකාශ කර තිබේ.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.