Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය තමන්ට එරෙහිව පැනවූ තහනමට එරෙහිව ස්විට්සර්ලන්තයේදී නඩුපැවරීම ඉතා ඉක්මණින්ම කරන බව අන්තර්ජාතික පාපන්දු සමුඑවේ හිටපු විධායක සභික මනිලාල් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
වසර 8 ක තහනමට එරෙහිව තමන් වෙනුවෙන් අභියාචනයේදී පෙනීසිටි නීතිඥ මඩුල්ලම එහිදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
රාජ නීතීඥ හොප් මලික්, ජනාධිපති නීතීඥ අනිල් තිත්තවැල්ල හා එංගලන්තයේ බැරිස්ටර්වරයකුවන ඇන්ඩෲ ටැබෑච් නික් යන මහත්වරු මනිලාල් ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටියහ.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ජීවිතාන්තය දක්වා පැනවූ තහනම පිළිබඳව අදහස් දක්වන මනිලාල් ප‍්‍රනාන්දු මහතා පවසන්නේ එම තහනම ගැන තමා කම්පා නොවුණත් තීන්දුව පිළිබඳව පුදුම වන බවය.
”ස්විට්සර්ලන්තයේ කී‍්‍රඩා බේරුම්කාර මණ්ඩලය මට දැන් ඉතිරිව තිබෙන එකම විකල්පයයි. මා එහෙම කියන්නේ සාධාරණය ගැන මට දැන් විශ්වාසයක් තැබිය හැකි වෙනත් විශ්වාසවන්ත තැනක් ගැන හිතන්න බැරි හින්දයි”
”හැබැයි මම සැලෙන්නෙත් නෑ, ඕනෑම දේකට මුහුණ දෙන්න සූදානම්” යයි ආසියානු පාපන්දු සමුඑවේද වසර ගණනාවක්ම උපසභාපති ධුරයක් දැරූ මනිලාල් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.