Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේදී පසුගියදා අවසන් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී (සාග්) පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්‍ෂ 414 ක මුදල් ත්‍යාග පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ‘ලංකාදීප’යට පැවසීය.
රන් පදක්කමකට රුපියල් ලක්‍ෂ 3 බැගින් ද, රිදී පදක්කමකට රුපියල් ලක්‍ෂ 2 බැගින් ද, ලෝකඩ පදක්කමකට රුපියල් ලක්‍ෂය බැගින් ද, පිරිනැමීමට නියමිතය.
මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් දිනාගැනීමට සමත් වූහ. ඒ අනුව රන් පදක්කම් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 120 ක්, රිදී පදක්කම් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 166 ක් සහ ලෝකඩ පදක්කම් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 128 ක් ලෙස මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
කෙසේ වෙතත් කණ්ඩායම් ඉසව් වලදී සහ සහාය දිවීමේ මෙන්ම සහාය පිහිනුම් ඉසව් වලදීත් දිනාගත් පදක්කම් වලට අදාළ මුදල එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ බෙදී යනු ඇත. මුදල් ත්‍යාගවලට අමතරව සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමරු තිළිණ බැගින් ද පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස මුල පැවැත්වීමට සැළසුම් කර තිබේ.
Ananda Friday, 20 December 2019 09:33 AM
ජය වේවා !
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.