Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් කොළඹදී එළඹෙන ජූනි මාසයේදී පැවැත්වීමට සැළසුම් කර තිබූ 15 වැනි දකුණු ආසියානූ (සාෆ්) පාපන්දු තරගාවලිය ලබන වසර (2026) දක්වා අත්හිටුවීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඊට හේතුවී ඇත්තේ එකී කාල සීමාවේදී තරගාවලියට අනුග්‍රාහය දැරීම දුෂ්කර බවට අනුග්‍රාකයන් විසින් දැනුම්දීම බවද වාර්තාවේ.
ඒ සදහා තවත් කාලයක් අවශ්‍ය බවට තරගාවලියේ නිල අනුග්‍රාහකයන් විසින් තරග සංවිධායකයන් දැනුවත් කිරීමෙන් පසුව 15 වැනි දකුණු ආසියානූ (සාෆ්) පාපන්දු තරගාවලිය ලබන වසරට කල් දැමීමට නේපාලයේ කත්මන්දු නුවරට රැස්වූ දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
මෙම වසරේ ජූනි 20 සිට ජූලි 5 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ 15 වැනි සාෆ් පාපන්දු තරගාවලිය සදහා අවම වශයෙන් ඩොලර් මිලියනයක් හෙවත් රුපියල් කෝටි 30 කට ආසන්න වැයක් ඇස්තමේන්තු කර තිබුණි.
මෙම තත්වය පිළිබදව ලංකාදීප ය කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා සාෆ් තරගාවලිය ලබන වසර දක්වා අත්හිටුවීමට ගත් තීරණය සැළකිල්ලට ගනිමින් මේ වසරේ සැප්තැම්බර් 1 සිට 9 වැනිදා දක්වා කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් සිව් කොන් පාපන්දු තරගාවලියක් පැවැත්වීමට සැළසුම් කර ඇතැයි පැවැසීය.
දකුණු ආසියානු සුපිරි කුසලාන සදහා මෙම සිව්කොන් තරගාවලිය සංවිධානය කෙරේ.
කෙසේවූවත් පසුගිය අප්‍රේල් 4 වැනිදා කොළඹ ෂැංගිලා හෝටලයේදී 15 වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ නිල තරග කාලසටහන එළි දැක්වීමේ උත්සවය සූදානම් කර තිබුණද තරගාවලියේ කාලසටහන එළිදැක්වීම කල් දැමීමටත් පියවර ගත්තේය. ආසියානු පාපන්දු සමුළුවේ සභාපති සල්මන් බින් ඊබ්‍රාහීම් අල් කලීෆා මහතා ඇතුළු දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ නිලධාරීහු ද මෙම කාලසටහන එළිදැක්වීමේ උත්සවයට සහභාගි වීමට සූදානමින් සිටියහ.
කෙසේ වෙතත් ඔවුන්ගේ සහභාගිත්වයෙන්, යොදාගත් පරිදි දකුණු ආසියානු සම්මේලනයේ නියෝජිතයන්ගේ හමුවක් කොළඹදී පැවැත්වුණි.
2023 ජූනි මාසයේ බැංගලෝරයේදී පැවැති 14 වැනි සාෆ් පාපන්දු තරගාවලියේ ජය ඉන්දියාවට හිමි විය. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය ජයගත් එකම අවස්ථාව වන්නේ 1995 (කොළඹදී) පැවැති තරගාවලියයි.
ශ්‍රී ලංකාවට මීළගට නිල ජාත්‍යන්තර පාපන්දු තරගයක් ආසන්න වශයෙන් යෙදී ඇත්තේ ලබන ඔක්තෝබර් 9 වැනිදාය. ඒ 2027 ආසියානු කුසලාන නිර්දේශ අවසන් වටයේ තර්ක්මෙනිස්ථානයට එරෙහිව කොළඹදී පැවැත්වීමට නියමිත තරගයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.