Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවැති හත්වැනි ‘සැපර්ස් 4ං4 ජිම්පෝ’ සිවු සක අභියෝග මෝටර් රථ තරගාවලියට සමගාමීව පැවැති මොටෝක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ප්‍රවීන යතුරුපදි ශූර ගයාන් සඳරුවන් සමත් විය.
ප්‍රධානම යතුරුපැදි ඉසව්ව වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියර ජයගත් ගයාන්, එම ඉසව්වේ දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකරගනිමින් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා සම්මානයට හිමිකම් කීවේය.
පළමු අදියරේ මුල් භාගයේදී ගයාන් සමග කරට කර සටනක නිතර වූ බුද්ධික කසුන් සිල්වා, එහි අවසන් භාගයේ
දී ධාවන පථය මත ඇද වැටීම නිසා ගයාන්ට ඉන් පහසු ජයක් හිමිවිය.
දෙවැනි අදියරේ මුල් භාගයේදී තරගයේ පෙරමුණ ගැනීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත් වූ නමුත් එහි අවසන් භාගයේදී ඉවෝන් පසුපසට ඇද දැමූ බුද්ධික, එම අදියරෙන් ජය ලැබීය.
දෙවැනි අදියරේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා ඉවෝන් සහ ගයාන් අතර ඉතා තියුණු තරගයක් පැවැති අතර තරගයේ අවසන් වටයේදී ඉවෝන් පසුකර යමින් එහි දෙවැනි ස්ථානය හිමිකරගැනීමට ගයාන් සමත් වූයේ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවටද පත්වෙමිනි.
එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි ඉසව්වේ (ස්ට්‍රීට් ට්‍රේල්) අදියර දෙකම ජයගැනීමට ගයාන්ගේ සොහොයුරු ශානුක සඳරුවන් සමත් වූයේ එම අදියර දෙකේදීම ළහිරු ජීවන්ත දෙවැනි ස්ථානවලට පත්කරමිනි.
අවුරුදු 10 න් පහළ ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගැනීමට මිනුක රත්නායක සමත් වෙද්දී, අවුරුදු 16 න් පහළ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකේම ජය තමන් සතුකර ගැනීමට විනුෂ්ක ටී. සිල්වා සමත් විය.
යුද හමුදාවේ ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම මොටෝක්‍රොස් තරගාවලිය සඳහා යතුරුපැදිකරුවෝ 75 ක් පමණ සහභාගි වූහ. සියැට් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.
තරග ප්‍රතිඵල
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 10 න් පහළ) පළමු තරගය
1 මිනුක රත්නායක
2 රිවිනු රත්නායක
3 ඇසල මදනායක
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 10 න් පහළ) දෙවැනි තරගය
1 මිනුක රත්නායක
2 ඇසල මදනායක
3 රිවිනු රත්නායක
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 13 න් පහළ) තරගය
1 කේසර ගොඩගේ
2 ගඟන ප්‍රනාන්දු
3 දේමිත් ජයවර්ධන
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) පළමු තරගය
1 විනුෂ්ක ටී. සිල්වා
2 ඩී. එම්. ඩී කල්හාර
3 කේසර ගොඩගේ
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) දෙවැනි තරගය
1 විනුෂ්ක ටී. සිල්වා
2 ඩී. එම්. ඩී කල්හාර
3 ස්ටීවන් ප්‍රනාන්දු
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 නිහාල් විජේරත්න
2 එම්. එන්. පෙරේරා
3 නිලංක මාවැල්ල
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි (සන්නද්ධ සේවා) තරගය
1 ළහිරු ජීවන්ත
2 නිහාල් විජේරත්න
3 ඉන්දික බස්නායක
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය
1 බුද්ධික කසුන් සිල්වා
2 ළහිරු ජීවන්ත
3 බිනුල කිතලගම
එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ශානුක සඳරුවන්
2 ළහිරු ජීවන්ත
3 සඳරු ශනිල්ක
එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ශානුක සඳරුවන්
2 ළහිරු ජීවන්ත
3 මධුර පීරිස්
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ගයාන් සඳරුවන්
2 ඉවෝන් බී. ගුරුසිංහ
3 ළහිරු ජීවන්ත
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 බුද්ධික කසුන් සිල්වා
2 ගයාන් සඳරුවන්
3 ඉවෝන් බී. ගුරුසිංහ
ශානුක සඳරුවන් සහ මධුර පීරිස් |
ළහිරු ජීවන්ත |
විනුෂ්ක ටී. සිල්වා |
බුද්ධික කසුන් සිල්වා |
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.