Last Update  :  2024-12-03 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සැම්සන්ගෙන් දකුණු අප්‍රිකානුවන්ට දරුණු දඬුවමක්
ඩර්බන් වි-20 තරගය

සැම්සන්ගෙන් දකුණු අප්‍රිකානුවන්ට දරුණු දඬුවමක්

editorial - 2024 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

එක පිට එක වාර්තා බිඳිමින් සංජු සැම්සන් ලබාගත් දෙවැනි විස්සයි-20 ශතකය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී ඊයේ සිකුරාදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ඉන්දියානුවෝ ලකුණු 61 ක ජයක් ලබාගත්හ. තරග 4 කින් සමන්විත මෙම තරගාවලියේදී සැම්සන් කළ පිතිහරඹය තමන්ට ලැබුණු දරුණු දඬුවමක් ලෙසින් දකුණු අප්‍රිකානුවන්ගේ මතකයේ රැඳෙනු ඇත. 

ඉන්දියානුවන්ගේ ලකුණු 202 න් ලකුණු 146 ක් පැමිණියේ හතරේ සහ හයේ පහර  වලිනි. ඉන්දීය ඉනිමේ හතරේ පහර 17 කි. හයේ පහර 13 කි. මේවායින් සංසු සැම්සන්ගේ දායකත්වය හතරේ පහර 7 ක් සහ හයේ පහර 10 කි. එනම් ඔහුගේ ලකුණු 107 න් ලකුණු 88 ක් හතරේ සහ හයේ පහර වලිනි. විශේෂයෙන්ම කඩුල්ලේ දෙපැත්තෙන් ඔහු විශාල වශයෙන් හතරේ සහ හයේ පහර ගැසීය. සංජු සැම්සන් පන්දු 19 ක් ඇතුළතදී කඩුල්ලේ දෙපැත්තෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 69 කි. 

දකුණු අප්‍රිකානුවන්ට කිසිම අනුකම්පාවක් නොදැක්වූ සැම්සන්, දඟ පන්දු යවන්නන් වන ඒඩ්න් මාක්රම්, කේෂව් මහාරාජ් සහ නඛාබා පීටර් යැවූ පන්දු 27 කින් ලකුණු 58 ක් උදුරා ගත්තේය. 

නායක සූර්යකුමාර් යාදව් (21) සමගින් එක්වූ ආරම්භක පිතිකරුවා, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කින් ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. පසුව තිලක් වර්මා (33) සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කින් ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. 

මෙම සම්බන්ධතා දෙකේදීම වැඩිපුර ලකුණු සංඛ්‍යාවක් ගෙන ආ පිතිකරුවා සංජු සැම්සන් විය. ඉනිම අග්ගිස්සේ ඕවර 4 ආරම්භ වීමටත් පෙරම සංජු සැම්සන් දැවී යන විට ලකුණු පුවරුවට 175 වැනි ලකුණත් එක්ව තිබිණ. එයින් කියැවුණේ ඒ වන විටත් දකුණු අප්‍රිකානුවන් තරගයෙන් ඉවතට වීසි වී ඇති බවයි. 

දකුණු අප්‍රිකානුවන් අවසන් පන්දු 20 දී ලකුණු 28 කට කඩුලු හතරක් බිම දමාගත්තද සංජු සැම්සන් කළ විනාශයෙන් ගොඩඒගත හැකි මඟක් ඔවුන්ට තිබුණේ නැත. එය විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ප්‍රතිවාදී පිතිකරුවන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ලකුණු 200 කඩඉම පසුකළ සිව්වැනි අවස්ථාව විය. 

ඉලක්කය කරා යාමේදීත් දකුණු අප්‍රිකානුවන් දැක්වූයේ මහත් පසුබට ලීලාවකි. 

රයාන් රික්ල්ටෙන්, හෙන්රි ක්ලාසන් සහ ජෙරල්ඩ් කො’එට්සි තිදෙනා හැරෙන්නට වෙනත් කිසිවකුට ලකුණු 20 සීමාව ඉක්මවා යා නොහැකි විය. එනිසාම කඩුලු අතර සම්බන්ධතාත් බෙහෙවින් දුර්වලව තිබිණ. දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නන්ට සොහොන් බිමක් වූවද, ඉන්දීය පිලේ දකුණත් පා දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ වරූන් චක්‍රවර්ති සහ රවී බිෂ්නෝයි ලකුණු 53 ක් ඇතුළත කඩුලු 6 ක් බෙදාගත්හ. 

තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැන්න 10 වැනිදා (ඉරිදා) පෝර්ට් එළිසබෙත් නුවරදී පැවැත්වෙයි. 


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 8 ට 202 යි
(සංජු සැම්සන් 107, සූර්යකුමාර් යාදව් 21, තිලක් වර්මා 33, රිංකු සිං 11, ජෙජරල්ඩ් ඩි’කොඒට්සි 37/3)

දකුණු අප්‍රිකාව - ඕවර 17.5 කදී සියලු දෙනා දැවී 141 යි
(රයාන් රික්ල්ටෙන් 21, ටි්‍රස්ටන් ස්ටබස් 11, හෙන්රි ක්ලාසන් 25, ඩේවිඩ් මිලර් 18, මාකෝ ජැන්සන් 12, ජෙරල්ඩ් කො’එට්සි 23, වරූන් චක්‍රවර්ති 25/3, රවී බිෂ්නෝයි 28/3)


අදහස් (0)

සැම්සන්ගෙන් දකුණු අප්‍රිකානුවන්ට දරුණු දඬුවමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.