Last Update  :  2024-12-18 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෑන්ට්නර් - සවුති නවසීලන්තය ගොඩගනිති
හැමිල්ටන් ටෙස්ට් තරගය

සෑන්ට්නර් - සවුති නවසීලන්තය ගොඩගනිති

editorial - 2024 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරම්භක පිතිකරු ටොම් ලෙතම් ලකුණු 63 ක් ලබාගත් නමුත් පසුපෙළ පිතිකරුවකු වන මිචෙල් සෑන්ට්නර් ලබාගත් අර්ධ ශතකය නිසාම හැමිල්ටන් ටෙස්ට් තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 300 කඩඉම පසුකර ගියේය. තරග 3 කින් සමන්විත එංගලන්ත - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගයේ ආරම්භක දිනය වන අද (14 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 315 ක් ලබා සිටියේය.  

පළමු ටෙස්ට් තරග දෙකම ජයගත් එංගලන්තය මේ වන විටත් 2-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී. 

කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් ආරම්භක පිතිකරුවන් වූ ටොම් ලෙතම් (63) සහ විල් යංග් (42) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එක් අවස්ථාවකදී කඩුලු 2 කට 172 ක් ලෙසින් නවසීලන්ත ලකුණු පුවරුව කියැවුණ නමුත් බ්‍රයිඩන් කාර්ස් සහ මැතිව් පොට්ස් එක්ව ලකුණු 59 ක් ඇතුළත කඩුලු 5 ක් බිම දැමූහ. ලකුණු පුවරුව කඩුලු 7 ට 231 ක් ලෙසින් වෙනස් විය. 

මේ අතරවාරයේදී සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් සිටින ටිම් සවුති, හයේ පහර 3 ක් ද සමගින් පන්දු 10 කින් ලකුණු 23 ක් උදුරාගත්තේය. මිචෙල් සෑන්ට්නර් (නොදැවී 50) පසුපෙළ පිතිකරුවන් සමගින් එක්ව ලකුණු 300 සීමාවෙන් ඔබ්බට නවසීලන්ත පිල කැඳවාගෙන ගියේය. සවුති සහ සෑන්ට්නර් එක්ව අවසන් ඕවර 8 න් ලකුණු 76 ක් උදුරා ගත්හ. 

අද දිනයේ නම් එංගලන්ත පන්දු යවන්නන්ට වාසනාව තිබුණේ නැත. එහෙත් දිවා ආහාරයෙන් පසුව හොඳින් සිය කාර්යභාරය කළ වේග පන්දු යවන්නෝ තිදෙනා, නවසීලන්ත පිතිකරුවන් අසහනයට පත්කරමින් ඔවුන්ව හිතුවක්කාර පහර කරා පොළඹවා ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ ලකුණු 59 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳ වැටීමයි. 

පෙර පාදයේ ආරක්‍ෂිත පහරක් ගැසූ නමුත් විලියම්සන්ගේ පිත්තේ වැදුණු පන්දුව කඩුල්ල දෙසට ඇදී ගියේය. සිය පාදයෙන් පන්දුව නතර කරගැනීමට විලියම්සන් උත්සාහ ගත් නමුත් පන්දුව කඩුල්ලේ වැදීමෙන් හිටපු නායකයා ලකුණු 44 කට දැවී ගියේය. 

ටොම් ලෙතම් කිසියම් විනයක් ඇතිව පන්දුවට පහර දුන් නමුත් විල් යංග්ගේ ලකුණු 42 න් 40 ක්ම හතරේ පහර වලින් ලැබුණු ඒවා විය. එහෙත් දිවා ආහාරයෙන් පසුව ඔහුට එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය. කෙසේ වෙතත් මැතිව් හෙන්රි දවාගැනීමට හතරේ සීමාව අසළ සිටි හැරී බෲක් විසින් රැකගන්නා ලද උඩපන්දුව එය සියැසින් දුටු කාටත් කලකට අමතක නොවෙන්නකි. 

සෑන්ට්නර් මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නේතන් ස්මිත් වෙනුවෙනි. ස්ටෝක්ස්ගේ බවුන්සර් පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් සෑන්ට්නර් තරමක් සසළ වූවත් එය පසෙකට දැමූ දඟ පන්දු යවන්නා නවසීලන්ත ඉනිම ගොඩගැනීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළේය. 

අද ගැසූ හයේ පහර 3 ත් සමගින් ටෙස්ට් තරග 102 කදී සවුතිගේ පිත්තෙන් වාර්තාව වූ හයේ පහර සංඛ්‍යාව 98 කි. මිචෙල් සෑන්ට්නර් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේත් මැතිව් පොට්ස් යැවූ දිනයේ අවසන් පන්දුවට ගැසූ හයේ පහරකිනි. 


නවසීලන්තය - පළමු ඉනිම කඩුලු 9 ට 315 යි
(ටොම් ලෙතම් 63, විල් යංග් 42, කේන් විලියම්ස් 44, රචින් රවීන්ද්‍ර 18, ඩැරිල් මිචෙල් 14, ටොම් බ්ලන්ඩ්ල් 21, මිචෙල් සෑන්ට්නර් නොදැවී 50, ටිම් සවුති 23, මැතිව් පොට්ස් 75/3, ගස් ඇට්කින්සන් 55/3, බ්‍රයිඩන් කාර්ස් 78/2)

- 213


අදහස් (0)

සෑන්ට්නර් - සවුති නවසීලන්තය ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.