සිමෝනාට අනපේක්‍ෂිත වාසනාවක්

කොරෝන වයිරසය හේතුවෙන් ටෙනිස් තරගාවලි කිහිපයක්ම අත්හිටුවීම පිළිබඳව සිමෝනා හිල්ප් වඩාත් දීප්තිමත් දෑසකින් බැලීමට උත්සාහ කරයි. ඇය අදහස් කරන්නේ අවම වශයෙන් ඇයට වසර දෙකක් විම්බල්ඩන් ශූරීය ලෙස හඳුන්වනු ඇති බවයි.මෙය මීට ඉහත කිසිම ටෙනිස් ශූරියකට නොලැබුණු වාසනාවකි.
රුමේනියානු ජාතික ටෙනිස් ක්‍රීඩිකාවක වන සිමෝනා ලෝක අංක 1 ස්ථානයේ හිටපු ක්‍රීඩිකාවයි. පසුගිය වසරේ විම්බල්ඩන් තරගාවලියේදී ඇය විශිෂ්ට දක්ෂතා දක්වමින් සෙරීනා විලියම්ස් පරාජය කර විම්බල්ඩන් ශූරතාව දිනාගත්තාය. මේ වසරේදී විම්බල්ඩන් ශූරතාවලිය නොපැවැත්වීම යනු ඇයට ලබ වසර තෙක් ශූරතාව රැකගැනීමේ අවස්ථාව තිබේ.
28 හැවිරිදි හීල්ප්, මේ වන විට සිය මව්බිම වන රුමේනියාවේ ඇති නිවසේ දින 22 ක් තිස්සේ සිරවී සිටින්නීය. එහෙත් ඇයගේ නිවස ආසන්නයේ පිහිටි ටෙනිස් ක්‍රීඩංගණයේ සුළු වේලාවක් ටෙනිස් ක්‍රීඩා කිරීමට ඇය අමතක නොකරයි.
“මම එය ධනාත්මකව සලකනවා. මොකද මම දැන් වසර දෙකක කාලයක් සඳහා ශූරතාව දිනාගන්නා ක්‍රීඩිකාව වී සිටින නිසා. ඉතින්, මට තව වසරක් ඒ සමඟ ජීවත් වීමට සිදුවීම නිසා එය හොඳ දෙයක් යැයි” විම්බල්ඩන් තරගාවලිය අවලංගු කිරීම ගැන විමසූ විට හීල්ප් පවසා සිටියාය.
“මම හිතන්නේ අඟහරුවාදා පළමු තරගය ක්‍රීඩා කිරීමට මට හැකිවීම ගැන මම සතුටු වෙනවා. ඉතින්, මට ඇත්තටම මෙම අත්දැකීම ලබා ගැනීමට අවශ්‍යයි. එය නිසැකවම විශිෂ්ට අත්දැකීමක් වේවි” යයිද ඇය කියා සිටියාය.
ලෝක ටෙනිස් සංගමයේ සහ ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමයේ සියලුම තරගාවලි අවම වශයෙන් මේ වසරේ ජූලි මස මැද භාගය වනතෙක් වත් කල්දමා ඇත. නමුත් හීල්ප් හිතන ආකාරයට ටෙනිස් තරගාවලි සියල්ලම පාහේ මුළු අවුරුද්ද පුරාම එය කල්දැමීමට සිදුවනු ඇත.
“මගේ හිසෙහි ඇති නරකම දේ තමයි මේ වසරේදීම ටෙනිස් තරගාවලි අවලංගු වෙනවා කියන එක”
“අපි කියන දේ අහලා ආරක්ෂිතව නිවසේ රැඳී සිටියහොත් මෙම කාල පරිච්ඡේදය ජය ගන්න පුළුවන් බව මට විශ්වාසයි” ඇය පවසා සිටියාය.
“මේ මොහොතේ, මම හිතන්නේ මේ තරග කල්දැමීම ජූලි මාසයට වඩා දීර්ඝ වනු ඇති බවයි. එක්සත් ජනපද විවෘත තරගාවලිය (අගෝස්තු 31 සිට සැප්තැම්බර් 13 දක්වා) ගැන අපි බලාපොරොත්තු තබාගෙන සිටියත්, නිව්යෝක් නුවර තත්වය බරපතල නිසා ඒ ගැනත් දැන් විශ්වාසයක් නෑ” යයි ඇය කීවාය.
“මම ටෙනිස් පිත්ත අල්ලන්නේ නැතිව සිටි දීර්ඝතම කාලය මෙයයි..... ඩුබායි තරගාවලියෙන් පසුව ටෙනිස් පන්දුව හෝ පිත්ත ඇල්ලුවේ නෑ.......... මට තව මාසයක් එලෙසම සිටීමට අවශ්‍යයි”
“මම ඒ ගැන ටිකක් බය නිසා මම එය ඉතා ආරක්ෂිතව තබා ගත්තා. මට අවශ්‍ය වන්නේ සන්සුන්ව සිටීමටයි. මම අවදි වෙන්නේත් උදේ 10 නැත්නම් 11 ට විතර...වැඩිපුර නින්දක් තිබීමත් ඉතා හොඳයි කියලා මට හිතෙනවා” යයිද ඇය පැවසුවාය.
මේ දිනවල සිමෝනා ගතකරන්නේ ඉතාමත් නිදහස් සහ විවේකී ජීවිතයකි. ඇය නියමිත වේලාවට අවදි විය යුතු යයි හඬා වැටෙන ඔරලෝසුවක් නැත. කාලසටහනක් නැත. එබැවින් ඇහැරෙන වේලාවට ඇය අවදි වන්නීය.
උදෑසන ආහාරය ප්‍රමාද වී ගන්නා ඇය පදිංචිව සිටින නිවාස සංකීර්ණය අසළ මාර්ගයේ දුවන්නීය. එය පෞද්ගලික වාසස්ථානයක් බැවින් ව්‍යායාම කිරීම සඳහා අවසර දී තිබේ.
ඇය නිවසේදී අනෙකුත් ව්‍යායාමවලද නිරත වන්නීය. එමගින් ඇයගේ ශාරීරික යෝග්‍යතාව හොඳ මට්ටමක පවත්වා ගන්නීය. ටෙනිස් ක්‍රීඩාව ඇයගේ රැකියාවයි. ටෙනිස් තරග නතර කර දැමීම නිසා ඇයට රැකියාව අහිමි වූවත් ගෝලීය අර්බුදයකදී ක්‍රීඩාව නතර කර තිබීම වඩාත් නිවැරදි බව හීල්ප් කියන්නීය.
“එය ලෝක අර්බුදයක්. එය කුඩා ගැටළුවක් නොවේ, විශාල ගැටළුවක්. සෑම දෙයක්ම අවලංගු කිරීම ආරක්ෂිත යැයි මට කියන්නට ඕනෑ”
“ඒ වගේම අපි ඔවුන් (රාජ්‍ය නිලධාරීන්) කියන දේට ඇහුම්කන් දිය යුතුයි, නිවසේ රැඳී සිටිමින් ඉතා ආරක්ෂිතව සිටිය යුතුයි..... ටෙනිස් මගේ රැකියාව වුණත් එය ජීවිතයේ සෑම දෙයක්ම නොවේ.” යයිද සිමෝනා කියන්නීය.
- 2079