Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීගයේ දෙවැනි සතිය යටතේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර අද (22 වැනිදා) ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් ලකුණු 43-13 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 22-08 ක් ලෙස පෙරමුණ ගෙන සිටි සී.ආර්. කණ්ඩායම දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 21 ක් ලබාගත් නමුත් ශ්‍රී ලයන්ස් කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ඒ අනුව ඉකුත් වසරේ (2023-24) ලීග් රග්බි ශූරයන් වූ සී.ආර්. කණ්ඩායම මෙවර (2024-25) තරග වාරයේ ඔවුන් සහභාගි වූ පළමු තරගය ගත්තේ ප්‍රසාද ලකුණද සමගිනි.
පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර මගින් ලකුණු ලබාගත් සී.ආර්. ක්‍රීඩකයන් දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුම් 3 ක් මගිනි. ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයෝ පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ද, දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් මගින්ද ලකුණු ලබාගත්හ.
දෙවැනි විනාඩියේදී නායක කෙවින් ඩික්සන් සාර්ථක කරගත් දඬුවම් පහරත් සමග ශ්‍රී ලයන්ස් කණ්ඩායම ලකුණු 3-0 ක් ලෙස තරගයට අවතීර්ණ වුවද, එතැන් පටන් පැය භාගයක් පමණ ගතවන තෙක් ඔවුන්ට ලකුණු ලබාගැනීමට සී.ආර්. ක්‍රීඩකයෝ ඉඩක් ලබා නොදුන්හ.
ඒ අතර වාරයේ සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කිරිමට අදීෂ වීරතුංග (5 වැනි විනාඩියේදී), නායක රැන්ඩි සිල්වා (10 වැනි විනාඩියේදී) සහ රිනේෂ් සිල්වා (17 වැනි විනාඩියේදී) සමත් වූ අතර ඉන් උත්සාහක දිනුම් දෙකක ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට සුබේර් දොරේට හැකි විය.
ඉන් නොනැවතුණ සුබේර් දොරේ 23 වැනි විනාඩියේදී දඬුවම් පහරක්ද සාර්ථක කරගනිමින් ලකුණු සංඛ්‍යාව 22-03 ක් බටව පත් කළේය. එහෙත් තනූජ ජයවීර 30 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීම හේතුවෙන් සී.ආර්. කණ්ඩායමට පළමු අර්ධයේ අවසන් විනාඩි 10 ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් තරග වැදීමට සිදුවිය.
පළමු අර්ධය නිමා වීමට විනාඩි 7 ක් ඉතිරිව තිබියදී එනම් 33 වැනි විනාඩියේදී ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබාගත් නිස්රාන් මොහොමඩ්, දෙවැනි අර්ධය ආරම්භ වීමට පෙරාතුව ලකුණු තත්වය 22-08 ක් බවට පත්කරමින් සිය කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ලබාදුන්නේය.
දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් පසුව සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් 43 වැනි සහ 50 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට වෙනුර කෝදාගොඩ සමත් වූ අතර තිළිණ විජේසිංහ 55 වැනි විනාඩියේදී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. ලකුණු තත්වය 43-08 ක් ලෙස ඉහළ දමමින් එම උත්සාහක දිනුම් තුනේම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ සුබේර් දොරේ විසිනි.
නිතී විරෝධී අයුරින් ක්‍රියා කිරීම හේතුවෙන් 65 වැනි විනාඩියේදී සී.ආර්. ක්‍රීඩක කවීන් ශ්‍රී විකුම්ට විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලබා විනාඩි 10 ක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවිය. ඒ අතරතුර 68 වැනි විනාඩියේදී දෙනුවන් සිල්වා ලබාගත් උත්සාහක දිනුමත් සමග ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 13 ක් දක්වා ඉහළ ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.