Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දේශීය රග්බි පිටියේ ප්‍රධානතම තරගාවලිය වන අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලිය පසුගිය වසරේ ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර හෙට (4) පස්වරු 4.00ට කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායම් අට පළමුපෙළ ලීග් කුසලානය හඹා යන මේ තරගාවලියේ මූලික වටයේ තරග දෙසැම්බර් මස 17 වැනිදා දක්වා පැවත්වෙන අතර ඉන් අනතුරුව දෙවැනි වටයේ තරග ආරම්භ කෙරේ. පළමු වටයේදී සත්කාරකත්වය දුන් කණ්ඩායම් දෙවැනි වටයේදී සංචාරක කණ්ඩායම ලෙස සිය ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට නියමිතය.
මහනුවර ක්‍රීඩා සමාජය, සී.ආර්.ඇන්ඞ් එෆ්.සී., හැව්ලොක්ස්, පොලිස්. ගුවන්, යුද, නාවික සහ සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය තරග බිමට පිවිසෙන අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු සතියේ තරග ආරම්භ කරමින් හෙට පස්වරු මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. කණ්ඩායම තුරඟ තරග පිටියේදී තරග වදිද්දී, පස්වරු 6.30ට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ පොලිස් රග්බි කණ්ඩායම හැව්ලොක්ස් පිටියේදී විදුලි ආලෝකධාර මැද තරග බිමට පිවිසෙයි.
පසුගිය වසරේ ලීග් ශූරතාවත්, පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියත් දෙකම දිනූ මහනුවර ක්‍රීඩා සමාජය ගයාන් වීරරත්නගේ නායකත්වයෙන් තරග වදින අතර පසුගිය වසරේදී ලීග් තරග බිමේ වඩාත්ම අසාර්ථක කණ්ඩායම ලෙස අවසන් තැනට පසුබැස සිටි සී.එච්. පිල මෙහෙයවීමේ වගකීම රෝහිත රාජපක්ෂට පැවැරී තිබේ.
නව මුහුණුවරකින් තරග කිරීමේ අරමුණින් වෙනස්කම් රැසක් කරමින් ප්‍රබල ක්‍රීඩකයන් ගණනාවක් තම කණ්ඩායමට බඳවාගෙන සිටින සී.එච්.පිල මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වීමේ අදිටනින් පසුවෙයි.
පසුගිය වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි පිල නියෝජනය කළ විශිෂ්ට සෙන්ටර් ක්‍රීඩක ලී කීගල් ඇතුළුව දෙවැනිපෙළ ක්‍රීඩක සජිත් සාරංග, ප්‍රොප් ක්‍රීඩකයන් වන හෙන්රි ටෙරන්ස් හා සත්‍යා රණතුංග, ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක පියුම් ජයසිංහ, වින්ගර් ක්‍රීඩක හේෂාන් මධුරංග, අංක අට ක්‍රීඩක චතුර ඩිල්ෂාන් වැනි කැපී පෙනෙන ක්‍රීඩකයෝ රැසක් සී.එච්. පිල ශක්තිමත් කිරීමට එක්වී සිටිති.
පසුගිය වසරේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ප්‍රොප් ක්‍රීඩක අෂේන් ඩාලින්ගේ සේවය ලබා ගනිමින් තම ශක්තිය තවත් ඉහළ දමාගත් මහනුවර ක්‍රීඩා සමාජය අන්තර්ජාතික අත්දැකීම් බහුල විශිෂ්ට ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතය.
පසුගිය වසරේ දිනාගත් ලීග් කිරුළ රැක ගැනීමේ අරමුණ ඇතිව ආරම්භයේ සිටම ජයග්‍රාහී මාවත හෙළි පෙහෙළි කරගැනීම නායක ගයාන්ගේ අපේක්ෂාව වී තිබේ.
මෙවර තරගවාරයෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති සුපිරි ෆ්ලයිහාෆ් ක්‍රීඩක ෆාසිල් මරීජා, සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක රන්ජන්, විඟර් ක්‍රීඩක රිචඞ් ධර්මපාල, දෙවැනි පෙළ ක්‍රීඩක ශෙහාන් පතිරණ, ෆ්ලෑන්කර් ජේසන් දිසානායක, ෆුල් බෑක් ක්‍රීඩක නයිජල් රත්වත්ත, ස්ක්‍රම් හාෆ් ශ්‍රීනාත් සුරියබණ්ඩාර ඇතුළු තවත් ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් හෙට ඇරැඹෙන මෙවර ලීග් රග්බි තරගාවලියේදී මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පිටියට පිවිසෙති.
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හා පොලිස් රග්බි කණ්ඩායම අතර තරගය රාත්‍රී තරගයක් ලෙස හෙට පස්වරු 6.30ට විදුලි ආලෝකධාර මැද ආරම්භ කිරීමට නියමිතය. ජේසන් මෙල්ඩර් මෙවර හැව්ලොක්ස් පිල මෙහෙයවනු ලබන අතර රසිත් ජයංග සිල්වා පොලිස් කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටී.
පසුගිය වසරේ ලීග් හා පිලිමලුන් පිටුදැකිමේ තරග බිමේ අනුශූරයන් වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට මෙවර නවක ක්‍රීඩකයෝ සිවුදෙනෙක් එක්වී සිටිති. පසුගිය වසරේදී සී.ආර්.පිලට ක්‍රීඩා කළ ෆුල්බෑක් ක්‍රීඩක රීසා මුබාරක්, පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ෆුල්බෑක් ක්‍රීඩක රාජිත සන්සෝනි හා ප්‍රොප් ක්‍රීඩක සිතුමිණ හේරත් මෙවර හැව්ලොක්ස් පිල නියෝජනය කරන අතර සී.එච්. පිලේ හිටපු උදාර මධුසංඛද එක්වී සිටී.
කොන්ත්‍රාත් ක්‍රීඩකයන් මෙවර සිය කණ්ඩායමට බඳවා නොගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය තීරණය කර තිබීමෙන් ක්‍රීඩකයන් විශාල පිරිසකගේ දායකත්වය මෙවර පොලිස් කණ්ඩායමට අහිමිවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.