Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.සී.සී-එන්.සී.සී-ද්‍රවිඩ සංගමය-යුද හමුදාව පෙරට

සී.සී.සී-එන්.සී.සී-ද්‍රවිඩ සංගමය-යුද හමුදාව පෙරට

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වලින් ජයගත් සී.සී.සී, ද්‍රවිඩ සංගමය, එන්.සී.සී සහ යුදහමුදා යන කණ්ඩායම් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට අද (4 වැනිදා) සමත්වූහ.

සී.සී.සී සහ කටුනායක නිදහස් වෙළඳ කළාප ක්‍රීඩාංගණ වලදී පැවැති අර්ධ අවසන් පූර්ව තරග වලින් පරාජයට පත්වූ බදුරලිය, රාගම, කෝල්ට්ස් සහ මූවර්ස් යන කණ්ඩායම් වලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

එන්.සී.සී කණ්ඩාය නියෝජනය කරමින් තරග 6 කට ක්‍රීඩාකළ චතුරංග ද සිල්වා කඩුලු 16 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත්වී ඇති අතර ලසිත් මාලිංග තරග හයකදී කඩුලු 13 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානයේ පසුවන්නේය. කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය කඩුලු 14 ක් දවාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන අතර මූලික වටයෙන් ඉවත්වූ බී.ආර්.සී. කණ්ඩායමේ තිලකරත්න සම්පත් තරග 5 කදී කඩුලු 13 ක් බිඳ හෙළීමට සමත්විය.

මූලික වටයෙන් ඉවත්වූ සැරසන්ස් කණ්ඩායමේ රුවිඳු ගුණසේකර තරග පහකදී අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 272 ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්වී ඇති අතර සී.සී.සී කණ්ඩායමේ ඩිල්ශාන් මුණවීර ලකුණු 237 ක් සහ කෝල්ට්ස් කණ්ඩායමේ සහන් ආරච්චිගේ ලකුණු 184 ක් රැස්කරමින් දෙවැනි සහ තෙවැනි ස්ථානයන්හී පසුවෙති.

සී.සී.සී සහ ද්‍රවිඩ සංගම් පිල අතර පළමු අවසන් පූර්ව තරගය සහ එන්.සී.සී සහ යුදහමුදා කණ්ඩායම අතර දෙවැනි අවසන් පූර්ව තරගය පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අනිද්දා (6 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇත.

 

එන්.සී.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කටුනායකදී

එන්.සී.සී පිලට ලකුණු 6 ක ජයක්

එන්.සී.සී - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 165
(ළහිරු උදාර 22, ෆර්වීස් මහරූෆ් 39, ඇන්ජලෝ පෙරේරා 34, චතුරංග ද සිල්වා නොදැවී 46)
කෝල්ට්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 159
(සධීර සමරවික්‍රම 35, සහන් ආරච්චිගේ 33, ප්‍රියමාල් පෙරේරා 28, ලසිත් මාලිංග 14/3, චතුරංග ද සිල්වා 27/3)

 

සී.සී.සී. සහ බදුරලිය කණ්ඩායම් අතර කටුනායකදී

සී.සී.සී. පිලට කඩුලු 8 ක ජයක්

බදුරලිය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 107
(සංජය චතුරංග 21, ළහිරු මධුශංක 15/4, ළහිරු ගමගේ 26/2)
සී.සී.සී - ඕවර 12.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 108
(ඩිල්ෂාන් මුණවීර නොදැවී 70, අශාන් ප්‍රයංජන් 34)

 

ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමයට කඩුලු 9 ක ජයක්

රාගම - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 149
(සමීර ද සොයිසා 26, ජනිත් ලියනගේ 34, අක්ශූ ප්‍රනාන්දු 22, බිනුර ප්‍රනාන්දු 21/2, දිස්නක මනෝජ් 22/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 14.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 150
(දිනුක් වික්‍රමණායක 61, රමිත රඹුක්වැල්ල නොදැවී 68)

 

යුදහමුදාව සහ මූවර්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

යුදහමුදාවට ලකුණු 34 ක ජයක්

යුදහමුදාව - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී ලකුණු 129
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 31, ජනිත් සිල්වා 27, තරිඳු රත්නායක 21/3, කෝසල කුලසේකර 22/2, සහන් අදීශ 37/2)
මූවර්ස් - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(කෝසල කුලසේකර 40, ජනිත් සිල්වා 03/3, සීක්කුගේ ප්‍රසන්න 19/3, සංජික රිද්ම 17/2)

 


අදහස් (0)

සී.සී.සී-එන්.සී.සී-ද්‍රවිඩ සංගමය-යුද හමුදාව පෙරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.