Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී. ආර්. පිල පළමු 6 ට රිංගා ගනී

සී. ආර්. පිල පළමු 6 ට රිංගා ගනී

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංණයේදී ඊයේ (19 වැනිදා) පැවැති ඩයලොග් කුසලාන රග්බි තරගයේදී පොලිස් කණ්ඩායම ලකුණු 31 - 27 කින් පරාජය කළ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. කී‍්‍රඩකයෝ දෙවැනි වටය සඳහා කී‍්‍රඩා කරන කණ්ඩායම් 6 අතරට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.

 

මෙවර තරගවාරයේදී පස්වැනි ජයග‍්‍රහණය අත්කරගත් සී. ආර්. පිලට ගෝල දිනුම් දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 4 කින් ලකුණු එකතු විය.

පොලිස් පිල ගෝල දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය. තරගයේ පළමු අර්ධය නිමා වනවිට සී. ආර්. පිල ලකුණු 21-10 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

සති 9 ක් අවසානයේදී පැවැති තරග අනුව නාවික හමුදාව (51), මහනුවර කී‍්‍රඩා සමාජය (43), හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය (41), කන්ද උඩරට ලයන්ස් (31), සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. (31) සහ යුද හමුදාව (29) දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා සිටිති.
ශී‍්‍ර ලංකා පොලිසිය (19), හම්බන්තොට ශාර්ක්ස් (10), ගුවන් හමුදාව (9) සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. (1) ප‍්‍රසාද ලකුණු සටහනේ පහළින් සිටින කණ්ඩායම් වෙති.

හැව්ලොක්ස් පිල සහ හම්බන්තොට ශාර්ක්ස් පිල අතර තවත් තරගයක් පැවැත්වීමට නියමිතව ඇති නමුත් එම තරගය අවසානයේදී එකිනෙගේ ස්ථාන වෙනස් වීමේ අවස්ථාව මිස දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමේ ඉඩක් තිබිය නොහැකි බව ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙතෙක් පැවැති තරග 8 කදී ප‍්‍රසාද ලකුණු 26 ක් ලබා සිටි සී. ආර්. පිලට කණ්ඩායම් අතරේ ඉහළ කණ්ඩායම් 5 ට ඇතුළත් වීම සඳහා අවශ්‍ය වූයේ පොලිස් පිල පරාජය කිරීම පමණි. සී. ආර්. කී‍්‍රඩකයෝ ඉතා සාර්ථක අයුරින් එය ඉටුකර ගත්හ.

ගුවන් හමුදා පිලට එරෙහිව දියගමදී පැවැති තරගය 60-30 කින් ජයගනිමින් අතිරේක ප‍්‍රසාද ලකුණත් අත්කරගත් යුද හමුදා කණ්ඩායමත් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය.

 

ඡයාරූපය - ශාන්ත රත්නායක


අදහස් (0)

සී. ආර්. පිල පළමු 6 ට රිංගා ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.