Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ I වැනි කොටසේ ‘ඩයලොග් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ සී. ආර් පිල සහ යුද හමුදා පිල අතර පැවැති තරගයෙන් සී. ආර්. පිල ලකුණු 35-15 ක ජයක් ලැබීය.
සී. ආර්. ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධයෙදීම ලකුණු 10-6 ක් ලෙස පෙරමුණ ගැනීමට සී. ආර්. ක‍්‍රීඩකයෝ සමත්වුහ.
සී. ආර්. පිල, ගෝල තුනක්, උත්සාහක දිනුමක් සහ දඩුවම් පහර තුනක් ලබා ගනිමින් ලකුණු රැස් කළේය. යුද හමුදා පිල ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් සාර්ථක කර ගත්තේය.
සී. ආර්. පිල වෙනුවෙන් මේකලන්ක යශෝධ (2), ෂාන් මොහොමඞ් (1) සහ ඩිලාන් සොයිසා (1) උත්සාහක දිනුම් වාර්තා කළ අතර පී. චාමර ගෝල ප‍්‍රවර්ථනය සාර්ථක කර ගත්තේය.
යුද හමුදාව වෙනුවෙන් දිනුෂාන් ආරියපාල, ගයාන් සාලින්ද උත්සාහක දිනුම් වාර්තා කළ අතර ගයාන් සාලින්ද ගෝලය ප‍්‍රවර්ථනය කළේය.
- 090
ඡායාරූප : ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.