Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කිසිවකු අපේක්ෂා නොකළ අන්දමේ පෙරළිකාර දස්කම් පාමින් මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන කළඹවාලූ සී.එච්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජය අද (9) සී.ආර්.පිටියේදී සත්කාරක සී.ආර්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජයේ ඉවසීම පරීක්ෂා කිරීමේ සටනට පිවිසෙයි.
අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලානය මේ වනවිටත් තම කණ්ඩායමට වෙන් කරගැනීමට අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටී. එහෙත් තරග උණුසුමට කිසිදු බලපෑමක් සිදු නොවූ මේ සිදුවීම පසෙක තිබියදී ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ දැනට පසුවන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට මෙවර අනුශූරතාව දිනාගැනීම අභියෝගයක් කරමින් තුන්වැනි ස්ථානයේ පසුවන නාවික හමුදා ක්‍රීඩා සමාජය සමඟ සී.එච්.කණ්ඩායමත් තරගයට පිවිස සිටිති.
හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 50ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සිටියත් තුන්වැනි තැන පසුවන නාවික හමුදා පිල ලකුණු 47ක් ලබා තුන්වැනි ස්ථානයේත්, සී.එච්.පිල ලකුණු 45ක් ලබා සිවුවැනි ස්ථානයේත් සිටීම නාවික හමුදාවට තරමක හිසරදයක් බවට පත්වී තිබේ.
සී.එච්. කණ්ඩායමේ ස්ථානය කවරේදැයි අද පැවැත්වෙන තරගයෙන් පසුව තීරණය කෙරෙන අතර අද තරගයේදී සී.ආර්.පිල අබිබවා දැවැන්ත ජයග්‍රහණයක් කරා යාම සී.එච්.පිලේ එකම අරමුණ බවට පත්වී තිබේ. සී.එච්.පිලේ ජයග්‍රහණ මානසිකත්වය ඉහළ යාමට තවත් හේතුවක් වී ඇත්තේ ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රී ඔවුන් සමග එක්වී සිටින බැවිනි. පසුගියදා මේ විශිෂ්ට ක්‍රීඩකයා සී.එච්.පිලට එක්වෙමින් අද තරගයට ක්‍රීඩා කරන්නේ මෙවර තරගාවලියේ පළමු වරටය.
සී.එච්.පිලට අද තරගයේදී ජයග්‍රහණය සඳහා දැඩි සටනක් දිය යුතුව තිබුණත් සිය අවසන් ලීග් තරගය අද රත්මලානේදී ගුවන් හමුදා පිල සමග පැවැත්වීම නැවියන්ගේ සැනසිල්ලට තරමක හේතුවක් වී ඇත.
ගුවන් හමුදා පිල ප්‍රසාද ලකුණු සටහනේ අවසන් තැන පසුවන බැවින් මේ දුර්වල කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් පරාජය කර මෙවර තරගාවලියේ අනුශූරයන් බවට පත්වීමේ නාවික හමුදා පිලේ බලාපොරොත්තුව ඉහළ මට්ටමක පවතී. එය තවත් ශක්තිමත් වී ඇත්තේ හැව්ලොක්ස් පිලට සිය අවසන් ලීග් තරගයට මුහුණදීමට සිදුවී ඇත්තේ අපරාජිත මහනුවර පිල සමඟ වීමය.
ලබන ඉරිදා නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයත් ජයගෙන අපරාජිත වාර්තාව තරගාවලිය නිමාවනතුරු පවත්වාගැනීමේ අදිටනින් පසුවන මහනුවර පිලේ ආධිපත්‍යය ඔවුන්ගේ බලකොටුවේදී බිඳ දැමීම එතරම් පහසු කාරණාවක් නොවනු ඇත. හැව්ලොක්ස් පිලට මුහුණදීමට සිදුවී ඇත්තේ එම අභියෝගයටය.
ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි තැන පසුවන යුද හමුදා පිලත් අද පොලිස් කණ්ඩායම සමග පොලිස් පිටියේදී තරග බිමට පිවිසෙයි. මේ තරගය සමස්ත තරගාවලියේ ලකුණු සටහනට බලපෑමක් එල්ල කිරිමට සමත් නොවන තරගයකි. එහෙත් සිය අවසන් ලීග් තරගය ජයග්‍රහණයකින් කෙළවර කරගැනීමට අරමුණු කරගත් මේ දෙපිලම අද තරගයේදී එකිකෙනා අභිබවා යාමේ තියුණු සටනක නිරතවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.