Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුදුසුකම් ලැබීමේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් 3 ක්

සුදුසුකම් ලැබීමේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් 3 ක්

editorial - 2023 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම්වල ක්‍රීඩකයන් අතරින් හොඳම ක්‍රීඩකයන් 11 දෙනකු ඇතුළත් කණ්ඩායමක් නම් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

මෙම කණ්ඩායම සඳහා තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනක් ඇතුළත්ව සිටින අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එම ක්‍රීඩකයෝ වෙති.
 
අනු ශූරතාව හිමිකරගත් නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කරමින් නායක ස්කොට් එඩ්වඩ්ස් සමගින් තුන් ඉරියව් ක්‍රීඩකයන් වන වික්‍රම්ජිත් සිං සහ බස් ඩි’ලීඩ්ද, සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරමින් නායක ෂෝන් විලියම්ස්, තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසා සහ වේග පන්දු යවන ක්‍රීඩක රිචඩ් න්ගරාවාද මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමිකරගෙන ඇත්තේ තරග 8 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 417 ක් ලබා තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවටද පත්වෙමිනි. එහිදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 101 ක්ද, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 104 ක්ද රැස්කිරීමට පැතුම් සමත් විය.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් යුගලය මෙම කණ්ඩායමට ඇතුළත්ව ඇත්තේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගනිමිනි. එහිදී කඩුලු 5 කට වැඩියෙන් දවාගත් අවස්ථා 3 ක්ද සමග තරග 7 කදී කඩුලු 22 ක් දවාගැනීමට වනිඳු සමත් වූ අතර කඩුලු 4 කට වැඩියෙන් දවාගත් අවස්ථා 3 ක්ද සමග තරග 8 දී කඩුලු 21 ක් දවාගැනීමට තීක්ෂණ සමත් විය.


සුදුසුකම් ලැබීමේ කණ්ඩායම
1. පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව) - ලකුණු 417 (සාමාන්‍යය 69.5)
2. වික්‍රම්ජිත් සිං (නෙදර්ලන්තය) - ලකුණු 326 (සාමාන්‍යය 40.75) සහ කඩුලු 6
3. බ්‍රෙන්ඩන් මැක්මුලන් (ස්කොට්ලන්තය) - ලකුණු 364 (සාමාන්‍යය 52) සහ කඩුලු 13 (සාමාන්‍යය 17.52)
4. ෂොන් විලියම්ස් (සිම්බාබ්වේ) - ලකුණු 600 (සාමාන්‍යය 100) සහ කඩුලු 3
5. බස් ඩි’ලීඩ් (නෙදර්ලන්තය) - ලකුණු 285 (සාමාන්‍යය 47.5) සහ කඩුලු 15 (සාමාන්‍යය 22.13)
6. සිකන්දර් රාසා (සිම්බාබ්වේ) - ලකුණු 325 (සාමාන්‍යය 65) සහ කඩුලු 9 (සාමාන්‍යය 29.77)
7. ස්කොට් එඩ්වඩ්ස් (නෙදර්ලන්තය) - ලකුණු 314 (සාමාන්‍යය 62.8)
8. වනිඳු හසරංග (ශ්‍රී ලංකාව) - කඩුලු 22 (සාමාන්‍යය 12.9)
9. මහීෂ් තීක්ෂණ (ශ්‍රී ලංකාව) - කඩුලු 21 (සාමාන්‍යය 12.23)
10. ක්‍රිස් සෝල් (ස්කොට්ලන්තය) - කඩුලු 11 (සාමාන්‍යය 25)
11. රිචඩ් න්ගරාවා (සිම්බාබ්වේ) - කඩුලු 14 (සාමාන්‍යය 19.28)

 


අදහස් (0)

සුදුසුකම් ලැබීමේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.