Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බොරැල්ල, වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති ජායිපූර් ආයතනයේ කෘතිම පාද, කෘතිම අත් සහ කැලිපර්ස් උපකරණ පළඳින්නන්ගේ ක්‍රීඩා උළෙලේ 2016’ දක්ෂතම ක්‍රීඩකයා ලෙස එම්. ඒ. සුනිල් මල්ලවාරච්චිද, දක්ෂතම ක්‍රීඩිකාව (කනිෂ්ඨ) ලෙස ජේ. එම්. අයෝධ්‍යා ධනංජනීද සම්මාන දිනාගත්හ.
යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම සහ මීටර 200 යන ඉසව් වලදී ජයග්‍රහණ අත්කරගනිමින් එම්. ඒ. සුනිල් මල්ලවාරච්චි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය. වයස 15 න් පහළ මීටර් 100, දුර පැනීම සහ කවපෙත්ත විසිකිරීම යන ඉසව් වලදී ජයග්‍රහණ අත්කරගනිමින් ජේ. එම්. අයෝධ්‍යා ධනංජනී දක්ෂතම ක්‍රීඩිකාව (කනිෂ්ඨ) බවට පත්වූවාය.
වසර 185 ක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ අසරණ සරණ සමිතිය 26 වැනි වරට සංවිධානය කළ මෙම ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 450 ක් පමණ සහභාගී වූහ.
පිරිමි සහ කාන්තා බයිසිකල් පැදීමේ තරගයෙන් මෙම ක්‍රීඩා උළෙල ආරම්භ වූ අතර එහිදී මීටර් 100, 200, 400 ධාවන තරග, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම, දුර පැනීම, දුන්නෙන් විදීම සහ රෝද පුටු වැනි ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් 57 ක් පැවැත්විණ.
මෙම තරගාවලියට සහභාගි වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බැනියමක් සහ තොප්පියක් ලබාදීම සඳහා ඩිල්මා තේ සමාගම ඉදිරිපත් වී සිටි අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උදෑසන ආහාරය ලබාදීමට පෙරේරා සහ පුත්‍ර සමාගම ඉදිරිපත්වී සිටියේය.
![]() |
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.