Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ධාවන පථයට වතුර යොදන අවස්ථාවලින් පසුව මෝටර් රථ තරගයක් පවත්වා ඉන් අනතුරුව යතුරුපැදි තරග පැවැත්වීම සාමාන්‍ය සිරිත වුවත් ඉරිදා (5 වැනිදා) පැවැති සීගිරිය රැුළි ක්‍රොස් තරගාවලියේදී එසේ කිරීමට සංවිධායකයන් පියවර නොගැනීම නිසා යතුරුපැදිකරුවෝ කිහිපදෙනෙක්ම අනතුරුවලට ලක්වූහ.
දෙවැනි සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය ආරම්භ කිරීමට පෙර ධාවන පථයට වතුර යෙදීම නිසා එම තරගයට සහභාගි වූ කී‍්‍රඩකයන් කිහිප දෙනෙක්ම ධාවන පථය මත ලිස්සා වැටුණහ.
එම තරගයේ අවසන් වටය දක්වාම දෙවැනි ස්ථානයේ ගමන් කළ ආනන්ද වෙඩිසිංහ අවසන් මොහොතේ ධාවන පථය මත ලිස්සා වැටීම නිසා තෙවැනියා ලෙස තරගය අවසන් කිරීමට සිදුවිය. එම අනතුර නිසා ඔහුගේ දකුණු අතේ වැලමිට ප‍්‍රදේශයට මැහුම් දැමීමට පවා සිදුවූ බව වාර්තා වේ.
ඉකුත් වසරේදී පැවැති ‘සීගිරිය රැලි ක්‍රොස්’ තරගාවලියේදීද මෙවැනිම අයුරින් දෙවැනි සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය ආරම්භ කිරීමට පෙර ධාවන පථයට වතුර යෙදීමට සංවිධායකයෝ කටයුතු කළහ. පළමු සුපර් මෝටාඞ් තරගය ජයගෙන සිටි ඉමාල් මංචනායක, වතුර යෙදීමෙන් පසුව පැවැති දෙවැනි තරගය අතරතුර ධාවන පථය මත ලිස්සා වැටීමට නිසා එහි තෙවැනි ස්ථානයෙන් සෑහිමකට පත් වීමට සිදුවිය.
මෝටර් රථ ධාවන පථය උපයෝගී කරගෙන පවත්වනු ලබන එකම යතුරුපැදි ඉසව්ව වන සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වේදී භාවිතා කරන ටයරවල කට්ට ප‍්‍රමාණය, සුපර් ක්‍රොස් යතුරුපැදි ඉසව් වලදී භාවිතා කරන ටයරවල කට්ට ප‍්‍රමාණයට වඩා අඩු බැවින් මඩ සහිත ධාවන පථයක ධාවනයේ යෙදීමේදී ලිස්සා යෑමට ඇති සම්භාවිතාව වැඩිය.
එම නිසා සුපර් මෝටාඞ් යතුරුපැදි තරගයට පෙර ධාවන පථයට වතුර යෙදීමෙන් වලකින ලෙස එම තරගය ආරම්භ කිරීමට පෙර තරගකරුවන් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබිණ. කෙසේ වුවත් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් ඒ මොහොතේ ධාවන පථයට වතුර යෙදීමට සංවිධායකයන් පියවර ගැනීම තරගකරුවන් අනතුරු වලට භාජනය වීමට මෙන්ම ඔවුන් ඔවුන්ගේ උපරිම දක්ෂතාවන් දැක්වීමට නොහැකි වීමටද හේතු විය.
![]() දේශාන් සොලංකි (ඡායාරූපය - ශානුක අරවින්ද) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.