Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුසී - ඇමීලියා නවසීලන්තය දිනවති
විස්සයි-20 තරගාවලිය

සුසී - ඇමීලියා නවසීලන්තය දිනවති

editorial - 2023 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දකුණතින් පිට දඟ පන්දු යවන ඉනෝෂි ප්‍රියදර්ශනී, පන්දු 7 ක් තුළදී කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ නමුත් කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (08 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයේදී නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 5 ක පහසු ජයක් අත්කරගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 106 කි. නවසීලන්ත ක්‍රීඩිකාවෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී, කඩුලු 5 කට ලකුණු 107 ක් ලබාගනිමින් විස්සයි-20 තරගාවලියේ පෙරමුණ අල්ලා ගත්හ.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිලේ පළමු තේරීම වූයේ පන්දු යැවීමයි.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගියාය. එතැන් සිට සෙසු පිතිකාරිනියන්ගේ ගෙල මිරිකාගත් නවසීලන්ත පන්දු යවන්නියෝ ශ්‍රී ලංකා කාන්තා ඉනිම ලකුණු 106 කට සීමා කළේ කිසිම ක්‍රීඩිකාවකට ලකුණු 30 සීමාව පසුකිරීමට අවසර නොදෙමිනි. ශ්‍රී ලංකා කාන්තාවන් වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් විශ්මි ගුණරත්න, පන්දු 28 කට මුහුණ දෙමින් රැස්කළ ලකුණු 26 ට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

නවසීලන්ත ආරම්භක පිතිකාරිණියත් ලකුණු 4 කට දැවී ගිය නමුත්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සුසී බේටස් (44) සහ ඇමීලියා කර් (34) නවසීලන්ත ඉනිමට ස්ථාවරය එක්කාසු කළහ. ඉනෝෂිගේ පන්දු 7 ක වික්‍රමයෙන් තරමක කලබලයක් ඇතිවූවද, සුසී බේට්ස් සහ ජෝර්ජියා ප්ලිමර් එක්ව නවසීලන්ත ජයග්‍රහණය තහවුරු කළහ.


ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ - ඕවර 20 කදී කඩුලු 9 ට 106 යි
(විශ්මි ගුණරත්න 26, හර්ෂිතා සමරවික්‍රම 12, නිලක්ෂි ද සිල්වා 12, කවීෂා දිල්හාරි 10, අනුෂ්කා සංජීවනී 18, ඕෂධී රණසිංහ 18, ඊඩ්න් කාසන් 20/2, ලේ කැස්පර්ක් 21/2, ඇමීලියා කර් 18/2)

නවසීලන්ත ක්‍රීඩිකාවෝ - ඕවර 18.5 කදී කඩුලු 5 ට 107 යි
(සුසී බේට්ස් 44, ඇමීලියා කර් 34, ජෝර්ජියා ප්ලිමර් නොදැවී 16, ඉනෝෂි ප්‍රියදර්ශනී 17/3)

ඉනෝෂි ප්‍රනාන්දු උඩපන්දුවක් රැකගනිමින්...

 

සුසී බේට්ස් .....

 

හර්ෂිතා මාධවී සහ විශ්මි ගුණරත්න....


අදහස් (0)

සුසී - ඇමීලියා නවසීලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.