Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 55 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (6 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි කණ්ඩයම සමත් විය. මෙවර තරගාවලියේදී මුම්බායි කණ්ඩායම ලැබූ සිවුවැනි ජය මෙන්ම හයිද්‍රාබාද් කණ්ඩායම ලැබූ පස්වැනි පරාජයද මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායම ඕවර 17.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගිය අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ සූර්යකුමාර් යාදව් පන්දු 51 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 102 ක් රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
ලකුණු 31 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී තිලක් වර්මා (නොදැවී 37) සමග එක්ව පන්දු 79 කදී ලකුණු 143 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද යාදව් සමත් වූ අතර මෙය ඔහුගේ 6 වැනි අයි.පී.එල්. ශතකයද විය. පන්දු 32 කදී වාර්තා වූ තිලක්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 173 ක් ලබාගත් අතර හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් පන්දු 30 කින් ලකුණු 48 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ නායක හර්දීක් පාණ්ඩ්‍යා ලකුණු 31 කට කඩුලු 3 ක්ද, පියුෂ් චවුලා ලකුණු 33 කට කඩුලු 3 ක්ද දවාගනිමින් සන්රයිස් පිතිකරුවන් පීඩනයට පත්කළහ.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 173
(ට්‍රැවීස් හෙඩ් 48, නිතිෂ් රානා 20, මාකෝ ජැන්සන් 17, පැට් කමින්ස් නොදැවී 35, හර්දීක් පාණ්ඩ්‍යා 31/3, පියුෂ් චවුලා 33/3)
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 17.2 කදී කඩුලු 3 ක් දැවී 174
(සූර්යකුමාර් යාදව් නොදැවී 102, තිලක් වර්මා නොදැවී 37)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.