සෙනුර - බිමන්දි ද්විත්ව ශූරතා දිනති
මහනුවර මහ නගර සභාව, ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සමග එක්ව පළමු වරට සංවිධානය කළ නගරාධිපති කුසලාන සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට තවමත් 13 වැනි වියේ පසුවන කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සහ මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාර සමත් වූහ.
ක්‍රිෂාන් වික්‍රමරත්න
|
බාලක වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ චනුල් දුල්සෙන් පරාජය කළ සෙනුර සිල්වා, ඉන් නොනැවතී වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස එම විදුහලේම හිරුණ වරුසවිතානද පරාජය කරමින් ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවේය.
බිමන්දි බණ්ඩාර එහිදී ද්විත්ව ශූරතා දිනාගැනීමට සමත් වූයේ බාලිකා වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස කොළඹ කාන්තා විදුහලේ අයිලා චෙට්ටිද, වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස මහනුවර මහාමායා විදුහලේ තනුෂි රොද්‍රගූද පරාජය කරමිනි.
තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ ක්‍රිෂාන් වික්‍රමරත්න සමත් වූ අතර එහි විවෘත කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ එරන්දි වරුසවිතාන විසිනි.
අවසන් මහ තරගයේදී වට 4-2 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේම ක්‍රීඩකයෙක් වන දිනේෂ් කවිෂ්ක පරාජය කරමින් ක්‍රිෂාන් වික්‍රමරත්න විවෘත පිරිමි ශූරතාවට හිමිකම් කීවේය. එරන්දි වරුසවිතාන විවෘත කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී වට 4-3 ක් ලෙස ස්ටැග් ක්‍රීඩා සමාජයේ ඉෂාරා මධුරංගි පරාජය කරමිනි.
මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහනුවර මහ නගර සභාවේ උප නගරාධිපති ඉලාහි ආබ්ඩීන් මහතා සහභාගි විය.
බාලක තරග ප්‍රතිඵල
■ වයස 10 න් පහළ
සයිෆුල්ලා අක්‍රම් (මහනුවර අල්හුදා ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-0 ක් ලෙස කකරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි.
■ වයස 12 න් පහළ
රසිඳු ජයසුන්දර (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස කකරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි.
■ වයස 15 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි.
■ වයස 18 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස හිරුණ වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) කරන ලදි.
■ වයස 21 න් පහළ
සුපුන වරුසවිතාන (මොරටුව විශ්ව විද්‍යාලය) විසින් තරග වට 3-2 ක් ලෙස ප්‍රසාද් ද සිල්වා (මාර්ග සංවර්ධන අධිකාරිය) පරාජය කරන ලදි.
බාලිකා තරග ප්‍රතිඵල
එරන්දි වරුසවිතාන
|
■ වයස 10 න් පහළ
සදින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) පරාජය කරන ලදි.
■ වයස 12 න් පහළ
දිව්‍යා දර්ශනී (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස එෂ්මිනි සඳුන්‍යා (කෑගලු බාලිකා විදුහල) පරාජය කරන ලදි.
■ වයස 15 න් පහළ
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස අයිලා චෙට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි.
■ වයස 18 න් පහළ
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස තනුෂි රොද්‍රගූ (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි.
■ වයස 21 න් පහළ
චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස බුද්ධීපනී රාජගුරු (තොරතුරු තාක්ෂණය පිළිබඳ ආසියානු - ශාන්තිකර ආයතනය ) පරාජය කරන ලදි.
විවෘත පිරිමි
ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 4-2 ක් ලෙස දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි.
විවෘත කාන්තා
එරන්දි වරුසවිතාන (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් තරග වට 4-3 ක් ලෙස ඉෂාරා මධුරංගි (ස්ටැග් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ කුසලාන අතැතිව ආරාධිතයන් සමග
|