Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ සභාපති ධූරය සඳහා තමා තරග කරන බව හිටපු බි‍්‍රතාන්‍ය ඔලිම්පික් සංගමයේ ප‍්‍රධානියා වන සෙබස්තියන් කෝ මහතා පවසයි. බි‍්‍රතාන්‍යයේ හිටපු මලල කී‍්‍රඩා ශූරයකු වන සෙබස්තියන් කෝ 80 දශකයේ ලොව ප‍්‍රමුඛතම මැදි දුර ධාවකයෙකි.
අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ වත්මන් සභාපති වරයා වන ලැමී ඩියැක් මහතා, වසර 16 ක සේවා කාලයෙන් පසු ලබන වසරේදී විශ‍්‍රාම ගැනීමට සූදානමින් සිටින අතර මීටර 1500 ඉසව්වේන් දෙවතාවක් ඔලිම්පික් ශූරයා බවට පත්ව සිටින හිටපු මැදි දුර ශූර සෙබස්තියන් කෝ මහතා ඩියැක්ගේ හිඩැස පිරවීමට බලාපොරොත්තුවෙන් සිටියි.
”මලල කී‍්‍රඩාවේ නිරත වෙලා ඉන්න මගේ යහළුවන් සහ හිතවතුන් සමග කතා කළාම මට තේරුණා අපි දැන් මලල කී‍්‍රඩාව සම්බන්ධයෙන් තීරණාත්මක කාල වකවානුවකට පැමිණ සිටින බව. ඒ නිසා අනාගතය ගැන අලූත් කතිකාවතක් අරඹන්න මේක තමයි නියම වෙලාව කියලා මා හිතනවා.” යැයි කෝ මහතා ප‍්‍රකාශ කළේය.
”එම කතිකාවට ඉදිරිපත් කරන්න මා ලඟ යමක් තියෙනවා කියලා මා විශ්වාස කරනවා, එම නිසා තමයි අන්තර් ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ සභාපති ධූරය සඳහා තරග කිරීමට මා තීරණය කළේ” යයි සෙබස්තියන් කෝ තවදුරටත් කියා සිටියේය.
පනස් අටවැනි වියේ පසුවන කෝ මහතා, 2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ සංවිධායක කමිටුවේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ අතර මේ වන විට බි‍්‍රතාන්‍ය මලල කී‍්‍රඩා සංගමයේ සභාපති වරයා සහ අන්තර් ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ උප සභාපති වරයකු ලෙසද කටයුතු කරයි.
සභාපති තනතුර සඳහා අන්තර් ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ තවත් උප සභාපති වරයකු වන යුක්රේනයේ රිටිපැනීමේ ශූරයා වූ සර්ජි බුක්කාට එරෙහිව ඔහු තරග වැදීමට නියමිතය.
තවද ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමු මුස්ලිම් කාන්තාව වන මොරොක්කෝ ජාතික කඩුලූ පැනීමේ ශූරී නවාල් අල් මොවුටවාකෙල් ද අන්තර් ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත් වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
නාමයෝජනා බාරගැනීම ලබන වසරේ මැයි මාසයෙන් අවසන් වන අතර නිලධාරීන් තෝරා ගනු ලබන ඡන්දය, අගෝස්තු මස බීජිං නුවර අන්තර් ජාතික මලල කී‍්‍රඩා සම්මේලන සම්මන්ත‍්‍රණ ශාලවේදී පැවැත්වීමට නියමිතය.
එක්සත් රාජධානියේ මෙන්ම මලල කී‍්‍රඩා ජාත්‍යන්තරයේදී ‘සෙබ්’ ලෙස හදුන්වන සෙබස්තියන් කෝ මහතා, තම මැතිවරණ ප‍්‍රතිපක්ති ප‍්‍රකාශනය ලබන සතිය මුල් භාගයේදී එලි දක්වනු ඇතැයි එංගලන්ත මාධ්‍යවේදීහු අනුමාන කරති.
”ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හරහා මලල කී‍්‍රඩාව සහ අන්තර් ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය සඳහා මම මගේ විස්තරාත්මක යෝජනා ඉදිරපත් කරනවා. මලල කී‍්‍රඩාව ආදරයෙන් වැලඳගන්නා නවීකරණ කි‍්‍රයාවලියක වැදගත්කම ඉන් ඉස්මතු වේවි” යයි සෙබස්තියන් කෝ මහතා තවදරටත් කියා සිටියේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.