Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රේලියාවේ මාගරෙට් කෝට් සමග සම වීමේ සිහිනය නැවත වරක් බොඳවීම නිසා ඇමරිකාවේ සෙරීනා විලියම්ස් ඊයේ (29 වැනිදා) කඳුළු සලමින් විම්බල්ඩන් පිටියෙන් සමුගත්තේය. මෙවර විම්බල්ඩන් ශූරතාවලියේ මූලික වටයේ තරගයකට සහභාගි වෙමින් සිටියදී ආබාධයකට ගොදුරුවීම නිසා සෙරීනාට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූවාය.
මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවන 39 හැවිරිදි සෙරීනා, එම තරගයේදී ක්‍රීඩා කරමින් සිටියේ ශ්‍රේණිගත කිරීම්හි 100 වැනි ස්ථානයේ පසුවූ බෙලරුසියාවේ අලියාක්සන්ද්‍ර සාස්නොවිච්ට එරෙහිවය. පළමු වටයේ ලකුණු තත්ත්වය 3-3 ක් ලෙස සමව තිබියදී සෙරීනා එම ආබාධයට ලක්වූ අතර පිටියෙන් ඉවත්ව ගොස් ආබාධයට ප්‍රතිකාර ගැනීමෙන් පසුව යළිත් පිටියට පැමිණියද ඇයට නැවතත් තරගයට අවතීර්ණ වීමට නොහැකි විය.
තෘණ පිටි මත පැවැත්වෙන විම්බල්ඩන් ශූරතාවලියේ මූලික වටය සඳහා ක්‍රීඩාකාවන් 128 දෙනකු සහභාගි වන අතර එතැන් පටන් 64 දෙනාගේ වටය, 32 දෙනාගේ වටය, 16 දෙනාගේ වටය, අර්ධ අවසන් පූර්ව වටය, අවසන් පූර්ව වටය සහ අවසන් මහ තරගය දක්වා සියලු තරග පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ. ඒ අනුව මෙම තරගයෙන් ඉවත්වීමත් සමග සෙරීනා, තරගාවලියේ ඉදිරියට යෑමට තිබූ අවස්ථාවද අහිමිකර ගත්තාය.
සිය ක්‍රීඩා දිවිය තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24 ක් දිනාගැනීමට මාගරෙට් සමත් වූ අතර සෙරීනා මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක් ජයගෙන මාගරෙට්ට වඩා එක් ශූරතාවක් පසුපසින් සිටින්නීය. සෙරීනාගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගොන්නට ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 7 ක්, විම්බල්ඩන් ශූරතා 7 ක්, ඇමරිකානු විවෘත ශුරතා 6 ක් සහ ප්‍රංශ විවෘත ශූරතා 3 ක් ඇතුළත් වේ.
මවු පදවිය ලැබීම සඳහා තාවකාලිකව තරග බිමෙන් ඉවත් වීමට පෙර 2017 වසරේදී දිනාගත් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව සෙරීනා අවසන් වරට දිනාගත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වන අතර ඉන් අනතුරුව ඇය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලි 4 ක අවසන් මහ තරගයන්හිදී පරාජයට පත් වූවාය. මෙම වසරේ (2021) ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේදී ඇයට අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වූ අතර මෙවර ප්‍රංශ විවෘත ශූරතාවලියේදී ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත් වූවාය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.