Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී කැන්චරි ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 54-36 ක පහසු ජයක් වාර්තා කිරීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය.
පළමු වටය අවසානයේ ලකුණු 21-13 ක් ලෙස පෙරමුණගත් සෙලාන් බැංකු ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 33 ක් එක්කර ගත්හ. එහිදී කැන්චරි ෆිනෑන්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 23 ක් පමණි.
කොළඹ හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 13 ක් රැස්කළ සෙලාන් බැංකු කණ්ඩායමේ ඔපසර ඩයස් සම්මාන දිනාගත්තේය.
තරගාවලියේ තෙවැනි සහ සිවුවැනි දිනවලදී පැවැති ‘ඊ’ කාණ්ඩයේ තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට එයිට්කේන් ස්පෙන්ස්, මෝර්සෑන්ඞ්, ඩයලොග් ආසියාටා ‘බී’ සහ අයි.එෆ්.එස්. යන කණ්ඩායම් සමත් විය.
‘බී’ කාණ්ඩය
■ සෙලාන් බැංකු කණ්ඩායම විසින් ලකුණු 54-36 ක් ලෙස කැන්චරි ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ඔපසර ඩයස් (සෙලාන් බැංකු කණ්ඩායම) - ලකුණු 13
‘ඊ’ කාණ්ඩය
■ එයිට්කේන් ස්පෙන්ස් කණ්ඩායම විසින් ලකුණු 52-41 ක් ලෙස අමානා ටකාෆුල් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - රෂ්මික ලෝරන්ස් (එයිට්කේන් ස්පෙන්ස් කණ්ඩායම) - ලකුණු 32
■ මෝර්සෑන්ඞ් කණ්ඩායම විසින් ලකුණු 67-33 ක් ලෙස අලියාන්ස් රක්ෂණ කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - රාහුල් සමරකෝන් (මෝර්සෑන්ඞ් කණ්ඩායම) - ලකුණු 16
■ ඩයලොග් ආසියාටා ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 55-35 ක් ලෙස යූ.බී. ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - රොෂාන් සොයිසා (ඩයලොග් ආසියාටා ‘බී’ කණ්ඩායම) - ලකුණු 17
■ අයි.එෆ්.එස්. කණ්ඩායම විසින් ලකුණු 32-26 ක් ලෙස ඩබ්ලිව්.එස්.ඕ.2 කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - නඳුන් වන්නිආරච්චි (අයි.එෆ්.එස්. කණ්ඩායම) - ලකුණු 10
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.