Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බැද්දගාන පාපන්දු පිටියේ අද (5) පැවැත්වෙමින් තිබූ මීගමුව යූත් කණ්ඩායම හා සෝන්ඩර්ස් කණ්ඩායම අතර එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගය විනිසුරුවන් විසින් අතරමග අත්හිටුවන ලදී.
තරගයේ පළමු භාගය පමණක් එහිදී පැවැත්වුණු අතර ඒ වනවිට මීගමුව යූත් කණ්ඩායම ගෝල 2-0 ක් ලෙස ඉදිරියෙන් පසුවිය.
තරගය පැවැත්වෙන අවස්ථාවේදී කී‍්‍රඩාංගණයට යොදාතිබූ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවෙමින් එහිදී විනිසුරු ඩිලාන් පෙරේරා මහතා තරගය අත්හිටුවීමට පියවරගෙන තිබේ. තරගය පැවැත්වෙන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කීපදෙනෙකු කී‍්‍රඩාංගණයේ ආරක්ෂාවට යොදා තිබුණත් එහිදී සිටි විනිසුරුවරයෙකු පැමිණිලි කර ඇත්තේ තමන්ට නරඹන්නන්ගෙන් බාධා ඇතිවුණ බවයි.
එක් අවස්ථාවකදී නරඹන්නන් පිරිසක් තරගයට බාධා ගෙනදෙමින් කී‍්‍රඩාංගණයට කඩාවැදුණත් ඔවුන් ඉවත් කරමින් තරගය යළි ආරම්භ කිරීමට විනිසුරු පියවර ගෙන තිබේ.
මෙම දෙපිලට මීටපෙර එෆ්. ඒ. කුසලාන දිනාගත් ප‍්‍රබල කණ්ඩායම් වන අතර අද තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම තරගාවලියෙන් ඉවත්කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වුවත් ප‍්‍රබල කණ්ඩායම් 2ක් ගැටෙන තරගයකට යොදා තිබූ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන බව විනිසුරුවන් තරගය අත්හිටුවමින් ප‍්‍රකාශකළ බවද වාර්තාවේ.
18 වැනි විනාඩියේදී චතුර ගුණරත්න හා 22 වැනි විනාඩියේදී රංගන ප‍්‍රදීප් ප‍්‍රනාන්දු විසින්ද මීගමුව යූත් කණ්ඩායම වෙනුවෙන් ගෝල ලබා ගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.