Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිම්බාබ්වේ පිලට අවසන් පන්දුවේදී ජය

සිම්බාබ්වේ පිලට අවසන් පන්දුවේදී ජය

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මූලික වටයේ නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ අතර අද (19) පැවති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 5 ක ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ පිල සමත්විය.

ලකුණු 141 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිල, තරගයේ අවසන් පන්දුවේදී එම ඉලක්කය පසුකරගිය අතර වුසී සිබන්ඩා අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

සිම්බාබ්වේ පිල ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඞ්සා (43) සහ නායක බ්‍රෙන්ඩන් ටේලර් (49) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා මනා අඩිතාලමක් දැමූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 140 ක් රැස්කළේය.  

එහිදී පන්දු 58 කට මුහුණ දුන් ටොම් කූපර්, හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 72 ක් රැස්කිරීමට සමත්විය.

නෙදර්ලන්තය -  ඕවර 20 කදී කඩුලූ 5 කට 140
(ටොම් කූපර් නොදැවී 72, බෙන් කූපර් 20, ප්‍රෙස්පර් උට්සෙයා 24/2)

සිම්බාබ්වේ -  ඕවර 20 කදී කඩුලූ 5 කට 146
(හැමිල්ටන් මසකඞ්සා 43, බ්‍රෙන්ඩන් ටේලර් 49, ෂේන් විලියම්ස් 26, පීටර් සීලර් 9/2)


අදහස් (0)

සිම්බාබ්වේ පිලට අවසන් පන්දුවේදී ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.