Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිවුවැනි එක්දින තරගය කුක්ට තහනම්

සිවුවැනි එක්දින තරගය කුක්ට තහනම්

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හම්බන්තොට සූරියවැව කී‍්‍රඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාව තුළ  ඕවර 35 ක් යවා නිම කිරීමට අපොහොසත් වීම නිසා එංගලන්ත කි‍්‍රකට් පිලේ නායක ඇලිස්ටෙයාර් කුක්ට එක් තරගයක් තහනම් කිරීමට එම තරගයේ තරග තීරක වරයා ලෙස කටයුතු කළ ඔස්ටේ‍්‍රලියානු ජාතික ඬේවිඞ් බූන් මහතා කටයුතු කළේය.

ඒ අනුව ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලබන ඉරිදා (7 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී කී‍්‍රඩා කිරීමේ අවස්ථාව කුක්ට අහිමි වනු ඇත.

හම්බන්තොට එක්දින තරගයේ ප‍්‍රධාන විනිසුරුවන් දෙදෙනා වූ  ඕස්ටේ‍්‍රලියාවේ සයිමන් ෆ‍්‍රයි සහ ශ්‍රී ලංකාවේ රුචිර පල්ලියගුරු, තරගයෙන් අනතුරුව මෙම සිදුවීම තරග තීරකවරයාට වාර්තා කිරීමෙන් පසුව තරග තීරකවරයා විසින් මෙම තහනම පනවන ලදි.

අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ නීති රීති අනුව යම් කණ්ඩායමක් තරගයක නියමිත  ඕවර සංඛ්‍යාව නියමිත වේලාව තුළ යවා නිම කිරීමට අපොහොසත් වන්නේ නම් එම කණ්ඩායමේ නායකයාට තරග මුදලින් 20% ක්ද, කණ්ඩායමේ අනිකුත් සාමාජිකයන් තරග මුදලින් 10% ක්ද දඩ වශයෙන් ගෙවීය යුතු වේ.

යම් හෙයකින් කණ්ඩායමක් එම වරද මාස 12 ක් ඇතුළතදී තුළදී දෙවරක් කළහොත් කණ්ඩායමේ නායකයාට තරගයක් තහනම් කිරීමද එම කි‍්‍රයා පටිපාටියට ඇතුළත් වේ.

-036


අදහස් (0)

සිවුවැනි එක්දින තරගය කුක්ට තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.