Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිිවුවැනි වරටත් යතුරුපැදි සම්මානය ඉෂාන්ට

සිිවුවැනි වරටත් යතුරුපැදි සම්මානය ඉෂාන්ට

ශනුක අරවින්ද - 2016 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවති 15 වැනි ‘ගජබා සුපර් ක්‍රොස්’තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ඉෂාන් දසනායක සමත් විය.

ඉවෝන් බී. ගුරුසිංහට පමණක් දෙවැනි වෙමින් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු තරගය අවසන් කළ ඉෂාන් දසනායක,  දෙවැනි තරගය ජයගනිමින් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය.

පළමු තරගයේ තෙවැනි ස්ථානය හිමිකරගැනීමට ෂෙහාන් සී. අධිකාරි සමත් වූ අතර දෙවැනි තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගැනීමට ඉවෝන් බී. ගුරුසිංහ සහ සමීර පේ‍්‍රමරත්න සමත් වූහ. ප‍්‍රවීන කී‍්‍රඩක ගයාන් සඳරුවන්ට සහ ඉකුත් වසරේ සියැට් - ස්ලාඩා ශූරතාවලියේ යතුරුපැදි ශූරතාව දිනාගත් ෂෙහාන් සී. අධිකාරිට මෙම තරගාවලියේදී කැපීපෙනෙන දස්කම් දැක්වීමට නොහැකි විය.

ඉෂාන් දසනායක

ඉෂාන් ගජබා සුපර් ක්‍රොස් තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වූ පළමු අවස්ථාව මෙය වන අතර මෙම ජයග‍්‍රහණයත් සමගින් සියැට් - ස්ලාඩා ශූරතාවලියේ යටතේ මේ වසරේදී පැවැති යතුරුපැදි තරගාවලි 4 දීම දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ඔහුට හැකි විය.

යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාවට හිමිකම් කීමට ඉවෝන් බී. ගුරුසිංහ සහ දේෂාන් සොලංකි නියෝජනය කළ ‘සියැට්’ කණ්ඩායම සමත් වූ අතර ඉවෝන් පළමු ස්ථාන 2 ක් ලබාගනිමින්ද, දේෂාන් දෙවැනි ස්ථාන 2 ක් ලබාගනිමින්ද සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කළහ. ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි ඉසව්වේ තරග දෙකම ජයගනිමින් ඉවෝන් එම ද්විත්ව ජයග‍්‍රහණය වාර්තා කළේය.

කී‍්‍රඩකයන් 15 දෙනෙකු සහභාගි වූ එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වේ පළමු තරගය ජය ගැනීමට ඉමාල් මංචනායක සමත් වූ අතර දෙවැනි තරගයේ ජය ගැනීමට සචිර රාජකරුණා සමත් විය. වයස 10 න් පහළ ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි තරගය ජයගත් අංජන වීරවර්ධන තරගාවලියේ දක්ෂතම කනිෂ්ඨ කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

මෙවර තරගාවලියට යතුරුපැදි තරග 13 ක් ඇතුළත් වූ අතර ඒ සඳහා යතුරුපැදිකරුවෝ 122 ක් සහභාගි වූහ. ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ‍්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළ අතර තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

තරග ප‍්‍රතිඵල

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටෝක්‍රොස් යතුරුපැදි (සන්නද්ධ සේවා)
1 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 අංජන වීරවර්ධන (යමහා පී. ඩබ්ලිව්. 50)
2 මිනුක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
3 වෙනුදු දෙව්නක (යමහා පී. ඩබ්ලිව්. 50)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ඊ. පී. එන්. එදිරිසිංහ (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ)
1 ඞී. එම්. ඞී. කල්හාර (කේ. ටී. එම්. එන්. 85)
2 විනුෂ්ක සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
3 කවිඳු කෙවිටියාගල (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සි. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ්. 250)
3 උදික ශ්‍රීමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250) 
2 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
3 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 නිහල් විජේරත්න (කේ. ටී. එම්. 125)
2 ඊ. පී. එන්. එදිරිසිංහ (කේ. ටී. එම්. 125)
3 අෂේන් ශෙහාර (කේ. ටී. එම්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටෝක්‍රොස් යතුරුපැදි
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)   
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය
1 සචිර රාජකරුණා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ්. 250)
3 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 මධුර පීරිස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

අංජන වීරවර්ධන

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

යතුරුපැදි කණ්ඩායම් ශූරතාව දිනාගත් සියැට් කණ්ඩායම

ඉවෝන් බී. ගුරුසිංහ

සමීර පේ‍්‍රමරත්න

ඉමාල් මංචනායක
(ඡායාරූප - ශානුක අරවින්ද)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ගජබා සුපර් ක්‍රොස් යතුරුපැදි තරගාවලියේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ශානුක අරවින්ද)

 

 

 

 

 

 


අදහස් (1)

සිිවුවැනි වරටත් යතුරුපැදි සම්මානය ඉෂාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.