Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තීරණාත්මක සිවුවැනි තරගය අබුඩාබි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (25) දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
තරගය අඩුඩාබි වේලාවෙන් පස්වරු 3.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
පාකිස්තානය තරග 2-1 ක් ලෙස මේ වන විට පෙරමුණේ පසුවීම නිසා ශ‍්‍රී ලංකා පිල තරගාවලියේ ජයග‍්‍රහණය පිළිබදව තව දුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගයෙන් ජය ලැබීම අනිවාර්ය වී තිබේ. එම නිසා මෙම තරගය ශ‍්‍රී ලංකාවට වඩාත් තීරණාත්ම වී තිබේ. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව තරගාවලිය ජය ලැබීමට නම් ඉතිරි තරග දෙකම ජය ලැබිය යුතුය.
පාකිස්තානය තරගයක් ඉතිරිව තිබියදී 3-1 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට නම් අද තරගයෙන් ජය ලැබීම ද අනිවාර්ය වී තිබේ.
අද තරගයෙන් ශ‍්‍රී ලංකාව ජය ලැබුහොත් තරගාවලිය 2-2 ක් ලෙස සම තත්ත්වයට පත්වේ. ඒ අනුව පස්වැනි සහ අවසන් තරගය තීරණාත්මක අවසන් තරගයක් බවට පරිවර්ථනය වේ.
සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 113 ක පහසු ජයක් ලැබූ පාකිස්තානු පිල 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් විය.
ශ‍්‍රී ලංකා පිල අබුඩාබි ක‍්‍රීඩාංගණයේදී ඊයේ රාත‍්‍රි විදුලි ආලෝකය මධ්‍ය පුහුණු සැසියකට සහභාගි විය.
එම පුහුණු සැසියෙන් පසුව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා පිලෙ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ අද ඉතාමත් වැදගත් තරගයක් බවත් හොදම කණ්ඩායම සමග ජයග‍්‍රහණය සදහා ක‍්‍රීඩා කරන බවයි.
”අපි මේ තරගයේදී ඉතාමත් හොදින් ක‍්‍රීඩා කළ යුතුයි. පළමු තරග දෙක හොදින් ක‍්‍රීඩා කළා, තෙවැනි තරගයේ තමයි ප‍්‍රශ්නයක් වුණේ. අපි හොද මානසික තත්ත්වයක ඉන්නවා. මහේල ජයවර්ධන නැති වුණා, දැන් ළහිරු තිරිමාන්නත් නැතිවුණා ඒක ලොකු පාඩුවක්. මම හිතනවා අපේ කණ්ඩායමට තරගය ජය ගනන්න පු`ඵවන් කියලා” යැයි ශ‍්‍රී ලංකා පිලේ නායකයා වැඩි දුරටත් පැවසීය.
පාකිස්තානු පිලේ පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වූ වේග පන්දු යවන ක‍්‍රීඩක උමාර් ගුල් පැවසුවේ තමන් නැවතත් සංචිතයට කැදවීමට තීරණය කිරීම පිළිබදව පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයට ස්තූතිය පිරිනමන බවයි.
”මේ තරගය ජය ලබා තරගාවලිය ජය ලැබීමයි අපේ බලාපොරොත්තුව. මේක පරාජය වෙලා අවසන් තරගයට යන්න සිදුවුවහොත් පීඩනය එන්නේ අපිටයි. අපේ පිතිකරුවන් ඉතාමත් හොදින් ලකුණු රැස්කරමින් ඉන්නවා, පන්දු යවන්නොත් දස්කම් දක්වනවා තරගය ජය ගන්න හැකියාව තිබෙනවා” යැයි ආබාධයක් හේතුවෙන් මාස නවයක් ක‍්‍රීඩාවෙන් ඉවත් සිට නැවත කණ්ඩායමට පැමිණි උමාල් ගුල් වැඩි දුරටත් පැවසීය.
දෙරට අතර පස්වැනි සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය මේ මස 27 වැනිදා අබුඩාබි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, අෂාන් ප‍්‍රියංජන්, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ සීකුගේ ප‍්‍රසන්න
පාකිස්තානු එක්දින සංචිතය:
මිස්බා උල් හක් (නායක), මොහොමඞ් හෆීෂ් (උප නායක), සහිඞ් අෆ්රිඩි, සොයිබ් මක්ෂූඞ්, උමාර් ගුල්, උමාර් අක්මාල්, අබ්¥ර් රෙහ්මාන්, අන්වර් අලී, බිලවල් භාටි, ජුනයිට් ඛාන්, සයිඞ් අජ්මාල්, සොහෙල් තන්වීර්, අහ්මඞ් ශෙෂාඞ්, ශජීල් ඛාන්, අසාද් ශාෆික් සහ හරිස් සොහයිල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.