Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා අමාත්‍ය ෆයිසිර් මුස්තාපා මහතා කළ ආරාධනය ස්තුති පූර්වකව ප්‍රතික්ෂේප කරන නමුත් වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ තිත්ත ඇත්ත මේ යයි නොබියව කියා පෑමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම ඉදිරිපත් වී සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරයෙන් පසුව ක්‍රිකට් උපදේශක කමිටුවක කටයුතු කිරීමට එක්වන්න’යි ක්‍රීඩා ඇමතිවරයා කළ ඉල්ලීම ස්තුති පූර්වකව ප්‍රතික්ෂේප කරන මෙම ක්‍රීඩකයෝ සිවුදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට වැටී සිටින අසීරු තත්ත්වයෙන් ගොඩගැනීමට නම් මෙම කමිටුව පිහිටුවීමට පෙර දැවෙන ප්‍රශ්න කිහිපයක් විසඳිය යුතු බව ක්‍රීඩා ඇමතිවරයාට කියා සිටිති.
“මෙම කමිටුව පිහිටුවීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති දැවෙන ප්‍රශ්න කිහිපයක් මැනවින් තේරුම්ගෙන වහාම විසඳිය යුතුව තිබෙන බව මගේ බලවත් විශ්වාසයයි. පරමාදර්ශී අවංකත්වය, සියලුම ගනු දෙනු සම්බන්ධයෙන් පවත්වාගෙන යා යුතු විනිවිදභාවය මෙන්ම පිළිගත් සහ සම්මත ක්‍රවේදයන්ට අනුගතවීම අතිශය වැදගත් බව මගේ විශ්වාසයයි. තවදුරටත් විස්තර කරන්නේ නම්, මා ඉත සිතින් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවත නඟා සිටුවීම සඳහා ශක්තිමත් වූද නව්‍ය වූද ක්‍රියාකාරී සැලැස්මක් කෙරෙහි ඉහළම අවධානය යොමු විය යුතුව තිබේ” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සිටි කීර්තිමත් තරග තීරකවරයකු වන රොෂාන් මහානාම මහතා සිය ලිපියෙන් ක්‍රීඩා ඇමතිවරයාට දන්වා තිබේ.
“ඔබගේ ආරාධනාවට ස්තුති කරන අතරවාරයේදීම, මෙම ප්‍රශ්න මනාව විසඳීම සඳහා යහපත් ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් ඔබගේ ආරාධනාව පිළිගැනීමට හැකි ස්ථාවරයක මා නොසිටින බවද දන්වා සිටීමට කැමැත්තෙමි” යයි අද (ජූනි 15 වැනිදා) දාතමින් යුත් ලිපියකින් රොෂාන් මහානාම මහතා වත්මන් ක්‍රීඩා ඇමති ෆයසිර් මුස්තාපා මහතාට දැනුම් දී තිබේ.
“මේ සම්බන්ධයෙන් මවිසින් දරනු ලබන ස්ථාවරය, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට උපකාර කිරීමට මා මැළිකමක් දක්වන්නේ යයි කිසිදු ආකාරයෙන් අර්ථ විකෘති කිරීමක් නොවිය යුතු බවද මම අවධාරණය කරමි. ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හැකි උපරිම ආකාරයෙන් උපකාර කිරීමට මම පසුබට නොවෙමි. එහෙත් ඕනෑම මට්ටමකදී දේශපාලන මැදිහත්වීම්, වංකකම සහ විනිවිදභාවයකින් තොරවීම මම අතිශයින් පිළිකුල් කරමි. එබැවින් මේ තත්ත්වය තුරන් කිරීමට කිසිවකු නිසි පියවර ගන්නා තුරු මම මගේ ප්‍රතිපත්තිමය රාමුවේම සිටිමි” යයිද රොෂාන් මහානාම මහතා විසින් ක්‍රීඩා ඇමතිවරයා වෙත යවන ලද ලිපියේ සටහන් වේ.
අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක මණ්ඩලයට පත්කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රීඩා ඇමති ෆයසිර් මුස්තාපා මහතාගෙන් පෙරේදා (13 වැනිදා) ලිඛිත ඉල්ලීමක් කළේය. ප්‍රධාන විධායක නිලධාරියා විසින් මෙම ඉල්ලීම කරන ලද්දේ ජාතික තේරීම් කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීමක් මුල්කර ගනිමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් පුහුණුකරවීම සඳහා මුත්තයියා මුරලිදරන්ගේ සේවය ලබාගැනීමටද යෝජනා කෙරිණ. ඒ අනුව ක්‍රිකට් පරිපාලනයට එක්වන මෙන් ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා හිටපු ක්‍රීඩකයන්ට ආරාධනා කරමින් ලිපි යවා තිබිණ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානුවන් හමුවේ 9-0 ක තරගාවලි පරාජයක් ලැබුවේ සිය මව්බිමේදීමය. ඊට පෙර සිම්බාබ්වේ පිල වෙතන්ද එක්දින තරගාවලියේදී පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට යන්තම් හෝ හිස ඔසවාගත හැකිවුයේ බංග්ලාදේශ සංචාරයේදී පමණි. මේ වන විට බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 226 ක ඛේදජනක පරාජයක් ලබාසිටී.
ක්‍රීඩා ඇමති මුස්තාපා මහතාට පළමු හී පහර වැදුණේ මහේල ජයවර්ධනගෙනි.
“තේරීම් කමිටු නිලධාරීන්ට සහ ක්‍රීඩා ඇමතිවරයාට ගෞරවයෙනි. මම ක්‍රිකට් කමිටුවේ වසරක කාලයක් ගතකළෙමි. තවත් මාස 6 ක් විශේෂ උපදේශක මණ්ඩලයේත් කටයුතු කළෙමි. එහෙත් කිසිම ආකාරයේ නිර්දේශයක් ක්‍රියාත්මක නොකෙරිණ”
“මේ ක්‍රමය ගැන මට කිසිම විශ්වාසයක් නැත. කිසිවකුට තම තමන්ගේ කාර්යයන් සඳහා කාලය දිගුකර ගැනීමට අවශ්‍යවේ නම් කරුණාකර ඒ වෙනුවෙන් අප යොදා නොගන්නා ලෙස මම ඉල්ලා සිටිමි.” යයි මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණ.
මුත්තායියා මුරලිදරන් සිය කිට්ටු හිතවතෙකු වන කුෂිල් ගුණසේකර මහතා මගින් පහත පණිවුඩය එවා තිබිණ.
“පළමුව මාධ්‍ය හරහාත් පසුව ප්‍රධාන විධායක නිලධාරීයාගේ ස්ථිර කිරීමත් සමගින් මට ලැබුණු ආරාධනාව අගය කරමි. ඒත් මට දැනෙන විදිහට මෙය වංක චේතනාවෙන් කරනු ලබන, කපටි උත්සාහයකි. ක්‍රිකට් පරිපාලනය මෙවැනි අගතිසහගත අවධියකට ඇද වැටුණු පසුව අපව භාවිතා කිරීමට ගන්නා වෑයමකි”
“දැනට පවතින ක්‍රමය කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවට මහේල (ජයවර්ධන) විසින් කරන ලද ප්‍රකාශය මමද අනුමත කරමි. කිසියම් ප්‍රශ්නයක් විසඳීමට උත්සාහ කිරීමේදී ඇතිවූ පීඩනය සම්බන්ධයෙන් එය ඔහුගේම අත්දැකීම් විය හැකිය. ඒ සඳහා කිසි දෙයක් කර නැත”
“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අගාධයේ පතුළටම ඇද වැටෙන තුරු ජාතික මට්ටමේ හිටපු ක්‍රීඩකයන්ගෙන් අදහස් විමසීමක් කර නොමැතිවීම කණගාටුවට කරුණකි. ක්‍රිකට් පරිපාලනයේ අවංකත්වය සහ නිර්්‍යාජත්වය සම්බන්ධයෙන් මට පැහැදීමක් තිබේ නම් මගේ කාලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වැය කිරීමට මම කිසිසේත්ම පසුබට නොවෙමි. පුහුණුකරුවකු වශයෙන් මා ලෝකයේ කොතැනක සිටියද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට උපකාර කිරීමට එය බාධාවක් නොවේ” යයි මුත්තයියා මුරලිදරන් සිය පණිවුඩයෙන් කියා තිබිණ.
කුමාර් සංගක්කාර මේ වනවිට දිවයිනෙන් බැහැරව සිටියද ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා ඇමතිවරයාට ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.
කවුරුන් කුමන ආකාරයේ කමිටු වලට පත්කළත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දැනට පවත්වාගෙන යන ක්‍රමය අනුව ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගත නොහැකි බවත් ක්‍රිකට් ක්‍රීඩාව නැවත නඟා සිටුවීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියද වෙනස් කළ යුතු බවත් කුමාර් සංගක්කාර විසින් ක්‍රීඩා ඇමතිවරයාට ලිඛිතවම දන්වා යවනු ලැබ තිබේ.
අතුරු කමිටු වලින් කිසිම ප්‍රයෝජනයක් අත් නොවන බවත් ඇතැම් අය අතුරු කමිටු වලට පත්වූවත් අතුරු කමිටුවල කාලය නිමා වීමෙන් පසු නැවත වරක් සියල්ල සුපුරුදු විනාශකාරී මාවතටම පිවිසෙන බවත් සංගක්කාර ඇමතිවරයාට කියා තිබේ. එබැවින් හැකියාවක් තිබේ නම් ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේ මෙන්ම පාර්ලිමේන්තුවේත් පූර්ණ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සහ ක්‍රීඩා නීතිය වෙනස්කිරීම හැර ක්‍රිකට් ක්‍රීඩාව නැවත නඟා සිටුවීමට වෙනත් ක්‍රමවේදයක් නැති බවත් සංගක්කාර දන්වා යවා තිබේ
අරවින්ද ද සිල්වා මේ සම්බන්ධයෙන් කිසියම් අදහසක් අද සවස වන තුරුත් ප්‍රකාශ කර නොතිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.