Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හත්වැනි අදියරේ ජය මාටෙජ් මොහරික්ට

හත්වැනි අදියරේ ජය මාටෙජ් මොහරික්ට

editorial - 2021 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ හත්වැනි අදියර ජයගැනීමට ස්ලෝවේනියාවේ මාටෙජ් මොහරික් ඊයේ (2 වැනිදා) සමත් විය. වියර්සන් නගරයේ සිට ‍ලේ ක්‍රියුසොට් නගරය දක්වා කිලෝ මීටර් 249.1 කින් සමන්විත වූ එම අදියර නිමා කිරීම සඳහා මොහරික්ට ගත වූ කාලය පැය 5 යි, විනාඩි 28 යි, තත්ත්පර 20 කි.

‍මෙතෙක් පැවැති අදිරය අතරින් දීර්ඝතම අදියර ලෙස මෙම අදියර හැදින්විය හැකිය. කිලෝ මීටර් 50 ක් පමණ පළමු පොකුරේ ගමන් කිරීමෙන් පසුව ඉන් මිදී තනිවම ඉදිරියට ඇදෙමින් මොහරික් මෙම ජයග්‍රහණයණය වාර්තා කළේය. මෙම ජයග්‍රහණයත් සමග සමස්ත තරගයේ සිවුවැනි ස්ථානයට පත්වීමටද මොහරික් හැකි විය.

විසිහය හැවිරිදි මොහරික් ප්‍රංශ පාපැදි සවාරියක අදියරක් ජයගත් පළමු අවස්ථාව මෙය වන අතර මෙම ජයත් සමග ලොව ප්‍රධානතම පාපැදි සවාරි තුනෙහිම එක් අදියරක් හෝ ජයගත් ක්‍රීඩකයන් ගොන්නට එක්වීමට ඔහු සමත් විය. මින් පෙර ඔහු 2017 වසරේදී ස්පාඤ්ඤ පාපැදි සවාරියේ අදියරක්ද, 2018 වසරේදී ඉතාලි පාපැදි සවාරියේ අදියරක්ද ජයගෙන සිටියේය.

මොහරික්ට වඩා විනාඩි 1 යි, තත්ත්පර 20 ක් පසුපසින් තරගය නිමා කළ බෙල්ජයමේ ජැස්පර් ස්ටූවන් හත්වැනි අදියරේ දෙවැනි ස්ථාන හිමිකර ගත් අතර මොහරික්ට වඩා විනාඩි 1 යි, තත්ත්පර 40 ක් පසුපසින් තරගය නිමා කළ ඩෙන්මාර්කයේ මැග්නස් කෝර්ට්ට එහි තෙවැනි ස්ථානය හිමිවිය.

“මෙය මගේ ක්‍රීඩා විලාශයට ගැළපෙන අදියරක් කියලා මම දැනන් හිටියා. මෙයින් පසුව මට ගැළපෙන ආකරයේ අදියර ඇත්තේ තවත් එකක් පමණක් නිසා මේ අදියර කෙරෙහි මම වැඩි අවධානයක් යොමු ‍ක‍ළා. මම ඉතාලියේදී සහ ස්පාඤ්ඤයේදීත් ජයග්‍රහණය ලබාගෙන තියෙනවා. නමුත් මේ ජයග්‍රහණය ඊට වඩා විශාලයි. ඒ ගැන කියන්න මට වචන නෑ. ඒක වෙනස්ම හැඟීමක්.” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව මොහරික් පැවසීය.

හත්වැනි අදියර ජයගැනීමට මොහරික් සමත් වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට නෙදර්ලන්තයේ මැතිව් වැඩ්ඩර් පෝල් සමත්ව සිටියි. ඒ අනුව ඔහු අද (3 වැනිදා) තරගයේ 8 වැනි අදියර සඳහාද කහ පැහැති කබාය පැලඳ තරග වදිනු ඇත. මේ දක්වා පැවැති අදියර 7 නිමා කිරීම සඳහා මැතිව්ට පැය 25 යි, විනාඩි 39 යි, තත්ත්පර 17 ක කාලයක් ගත වී ඇත.

මැතිව්ට වඩා තත්පර 30 ක් පසුපසින් සිටින බෙල්ජියමේ වවුට් වෑන් ඒර්ට් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේද, මැතිව්ට වඩා විනාඩි 1 යි, තත්පර 49 ක් පසුපසින් සිටින ඩෙන්මාර්කයේ කැස්පර් ඇස්ග්‍රීන් එහි තෙවැනි ස්ථානයේද රැදී සිටිති. සෙසු තරගකරුවෝ සියලු‍ දෙනාම මැතිව්ට වඩා විනාඩි 3 කට වැඩි පරතරයකින් පසුවෙති.


හත්වැනි අදියරේ ජයග්‍රාහකයන් ‍‍
1 මාටෙජ් මොහරික් (ස්ලෝවේනියාව) - පැය 5:28:20
2 ජැස්පර් ස්ටූවන් (බෙල්ජියම) -  පැය 5:29:40
3 මැග්නස් කෝර්ට් (ඩෙන්මාර්කය) - පැය 5:30:00  
4 මැතිව් වැඩ්ඩර් පෝල් (නෙදර්ලන්තය) - පැය 5:30:00  
5 කැස්පර් ඇස්ග්‍රීන් (ඩෙන්මාර්කය) - පැය 5:30:00  
6 ෆ්රෑන්ක් බෝනමූර් (ප්‍රංශය) -  පැය 5:30:00  
7 පැට්රික් කොන්රාඩ් (ඔස්ට්‍රියාව) - පැය 5:30:00  
8 වවුට් වෑන් ඒර්ට් (බෙල්ජියම) - පැය 5:30:00  
9 බ්‍රෙන්ට් වැන් මුවර් (බෙල්ජියම) - පැය 5:30:04   
10 ඩෝරියන් ගෝඩන් (ප්‍රංශය) -  පැය 5:31:05


සමස්ත තරගයේ ප්‍රතිඵලය  
1 මැතිව් වැඩ්ඩර් පෝල් (නෙදර්ලන්තය) - පැය 25:39:17  
2 වවුට් වෑන් ඒර්ට් (බෙල්ජියම) - පැය 25:39:47  
3 කැස්පර් ඇස්ග්‍රීන් (ඩෙන්මාර්කය) - පැය 25:41:06
4 මාටෙජ් මොහරික් (ස්ලෝවේනියාව) - පැය 25:42:18  
5 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 25:43:00  
6 වින්සෙන්සෝ නිබාලි (ඉතාලිය) -  පැය 25:43:29
7 ජූලියන් ඇලෆ‍ලීප් (ප්‍රංශය) - පැය 25:43:40
8 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) -  පැය 25:44:13  
9 පියරේ ලැටූර් (ප්‍රංශය ) - පැය 25:44:20  
10 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 25:44:21    

 


 

-036


අදහස් (0)

හත්වැනි අදියරේ ජය මාටෙජ් මොහරික්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.