Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගෙන් කණ්ඩායමට ලැබුණු විශ්වාසනීයත්වයත් ඔහුගේ ක්‍රමෝපායයන් වෙත තැබූ විශ්වාසයත් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාමරය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇතැයි ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කියයි. බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් තරගාවලිය ජයගැනීමෙන් පසුව ඊයේ (සෙනසුරාදා) සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී චන්දිමාල් එසේ කිීවේය.
සීමිත ඕවර කණ්ඩායම් දෙකෙහිම නායකයා වන ඇන්ජලෝ මැතිව්ස් තුවාල ලැබීම නිසා තුන්කොන් තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් වෙත පැවරී තිබිණ. ඉතා ශූර අන්දමින් කණ්ඩායම මෙහෙයවූ චන්දිමාල් තරගාවලියේ අවසන් තරගයෙන් ඉවතට විසිවීමේ අවදානමට මුහුණ දී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන ආපසු හරවමින් තරගාවලියේ ශූරතාව දක්වා කණ්ඩායම කැඳවාගෙන ගියේය.
සීමිත ඕවර කණ්ඩායමේ හිටපු නායකයන් වූ උපුල් තරංග සහ තිසර පෙරේරා දෙදෙනාගෙන් චන්දිමාල්ට විශිෂ්ට සහයෝගයක් ලැබිණ. ඉතා අසීරු තත්ත්වයන් යටතේ අර්ධ ශතකයක් ලබාගත් උපුල් තරංග අවසන් මහ තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනාගත් අතර තිසර පෙරේරා තරගාවලියේ වීරයා වූයේය.
“ඔහු ඉතාමත් හොඳ පුහුණුකරුවෙක්. ඒක අපි සියලු දෙනාම දන්නවා....එයා තමයි අපට විශ්වාසනීයත්වය දුන්නේ. අපි හැම දෙනාටම.... ඒ එක්කම ඔහුගේ ක්‍රමා්පායයන් ගැනත් අපි විශ්වාසය තිබ්බා...”
“මේ ජයග්‍රහණය පිටුපස තිබුණ ප්‍රධානම දේ ඒක තමයි.” යයි අවසන් තරගය ජයගැනීමෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී චන්දිමාල් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කාමරයේ මෑතකදී සිදුවූ එකම වෙනස්කම චන්දික හතුරුසිංහ මහතාගේ ආගමනයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ මෙන්ම පුහුණු සහාය කණ්ඩායමේ නිලධාරීහුද කලින් එහි සිටියෝ වෙති.
“පුහුණුකරුවා පිළිබඳව විශ්වාසය තබන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵල ලැබේවි. අපි කළේ ඒකයි.....මේ ප්‍රතිඵලය ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවාගේත් මහන්සියේ ප්‍රතිඵලයක්” යයි චන්දිමාල් පෙන්වා දුන්නේය.
“අපේ කණ්ඩායම මෙතැනට ගෙනාවේ ඔහු තමයි. එහි ගෞරවය ඔහුටයි. ඒක අපේ කණ්ඩායමටත් විශේෂ මොහොතක්”
“අපට ඕනෑ කළේ මේක තමයි....තරගාවලිය ජයගන්න....අපි ඒ අවස්ථාව අත් දෙකින්ම අල්ලා ගත්තා. මේ වෙනකොට අපේ සතුට ගැන කියන්න වචන නෑ...විශේෂයෙන්ම පළමු තරග දෙක පරාජය වුණ ආකාරය දිහා බැලුවාම, මේ වගේ තරගාවලියකට නැවත එන්න හරිම අමාරුයි...ඒත් අපි ආවා” යයිද චන්දිමාල් පැවසීය.
“මේ කොල්ලෝ ටික පුහුණුවීම් වලදී උපරිම කැපවීමන් පුහුණුවීම් කළා. තරගයේදී මැද්දට ගියාමත් ඒ දේම කළා....ඔවුන්ට සැලසුම් තිබුණා. ඒවා හරි විදිහට ක්‍රියාත්මක කළා..මේ තරගාවලියේදී ක්‍රීඩා කරපු සියලු දෙනාටම ඒ ගෞරවය හිමිවෙනවා” යයි කී චන්දිමාල් තරගයේ වීරයා වූ උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනාටම විශේෂයෙන් ප්‍රශංසා කළේය.
ලකුණු ලබාගැනීම එන්න එන්නම අසීරු වූ තණතීරුවක තරංග සහ දික්වැල්ල එක්ව ගොඩනැංවූ සම්බන්ධතාව නිසා තරගය එතෙක් ඇදී ආ ගමන්මගෙන් වෙනස් මඟක් ගත් බවද චන්දිමාල් කීවේය. මෙම ලකුණු 71 සම්බන්ධතාව වෙනුවෙන් පන්දු 107 ක් වැය වූවත් කුෂල් මෙන්ඩිස් ලකුණු 42 දී දැවී යාමෙන් පසුව ඉනිම කඩාවැටීමට නොදී රඳවා ගැනීම සඳහා එය මහෝපකාරී විය.
“මමත් දෙවියන්ට කිය කියා හිටියේ මට කාසියේ වාසිය ලැබෙන්න කියලා...”
“ඒක හරිම අමාරු තණතීරුවක්. ඒ වගේම වියළියි. ඒ වගේ තණතීරුවක ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ උපුල්ටත් දික්වැල්ලටත් විශේෂ ගෞරවයක් හිමිවෙන්න ඕනේ. ඇත්තටම තරගයේ හැරුම් ලක්‍ෂය ඒක තමයි”
“ඕවර 20 කට විතර පස්සේ අපි දැනගත්තා අපට ලකුණු 220 ක් - 230 ක් විතර ලැබුණොත් තරගය ජයගන්න පුළුවන් කියලා” යයිද චන්දිමාල් පැවසීය.
ලකුණු 222 ක ඉලක්කයක් කරා යමින් සිටි බංග්ලාදේශ පිලේ කඩුලු 3 ක් ලකුණු 22 කට බිඳ වැටුණ නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනඟමින් සිටි මුෂ්ෆිකුර් රහීම් (22) සහ මහමදුල්ලා (76) ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලෙන් ඉවතට ඇදගෙන යාමේ උත්සාහයක නිරත වූහ.
මෙම අවස්ථාවේදී පිටිය මැද සිටි ක්‍රීඩකයන් සියල්ලම එක තැනකට කැඳවාගත් චන්දිමාල් එකිනෙකාට උපදෙස් දෙමින් සිය සගයන් දිරිමත් කළේය. ප්‍රතිඵලය වූයේ අකිල ධනංජය හමුවේ ස්වීප් පහරක් ගැසීමට ගිය මුෂ්ෆිකුර් රහීම් ඕවර දෙකක් යාමටත් මත්තෙන් දැවී යාමයි.
පසුගිය වසරේදී (2017) එක්දින තරග 29 කට සහභාගි වී තරග 23 ක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ තරග 5 ක් පමණි. එහෙත් මේ වසරේදී තරග 5 කින් 3 ක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම වසරේ පළමු තරගාවලියම ජයගැනීමටද සමත් වී තිබේ.
2018 වර්ෂය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් පමණට වඩා උදම් වීමට යාමේ තේරුමක් නැත. මක්නිසාද යත් තරගාවලියේ අනෙක් කණ්ඩායම් දෙක සහ එම කණ්ඩායම් වල අන්තර්ජාතික ශ්‍රේණිගත ස්ථාන සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු බැවිනි.
අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව සිම්බාබ්වේ පිලට හිමිවන්නේ 10 වැනි ස්ථානයයි. අවසන් මහ තරගයට පෙර පැවැති තත්ත්වයන් අනුව ප්‍රසාද ලකුණු 83 ක් හිමි ශ්‍රී කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයේ සිටී. ප්‍රසාද ලකුණු 92 ක් හිමි බංග්ලාදේශය සිටින්නේ 7 වැනි ස්ථානයේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.