Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට පළමුවෙන්ම සුදුසුකම් ලබාගැනීමට හම්බන්තොට ‘බ්ලූස්’ කී‍්‍රඩා සමාජය සමත්විය.
මෙම තරගාවලියේ අවසන් වටය තරග 3 කින් සමන්විත වන අතර එහි පළමු වැනි තරගය සුපිරි අට වටයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු (හම්බන්තොට ‘බ්ලූස්’ කී‍්‍රඩා සමාජය) සහ දෙවැනි (නාවික හමුදාව) ස්ථාන දිනාගත් කණ්ඩායම් අතර පෙරේදා (22 වැනිදා) පැවැත්විණ.
එහිදී ඉකුත් වසරේ පැවැති තරගාවලියේ ශූරයන් වූ හම්බන්තොට ‘බ්ලූස්’ කී‍්‍රඩා සමාජය, ලකුණු 82-55 ක් ලෙස නාවික හමුදාව පරාජය කරමින් ඍජුවම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. මෙවර තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පෙරමුණ දිනා සිටියේ නාවික හමුදා කණ්ඩායමයි.
අවසන් වටයේ දෙවැනි තරගය ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි (කොළඹ පැසිපන්දු සමාජය) සහ සිව්වැනි (ඇවන්ත්ගාඞ් කී‍්‍රඩා සමාජය) ස්ථාන දිනාගත් කණ්ඩායම් අතර පෙරේදා (22 වැනිදා) පැවැත්විණ.
එම තරගයේදී ඇවන්ත්ගාඞ් කී‍්‍රඩා සමාජය හමුවේ ලකුණු 68-63 ක තියුණු ජයක් ලැබූ කොළඹ පැසිපන්දු සමාජය තවත් පියවරක් ඉදිරියට තබමින් අවසන් වටයේ තෙවැනි තරගයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී ලද පරාජය නිසා ඇවන්ත්ගාඞ් කී‍්‍රඩා සමාජයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
ඒ අනුව අවසන් වටයේ තෙවැනි තරගය, පළමු තරගයෙන් පරාජයට පත්වූ නාවික හමුදාව සහ දෙවැනි තරගයෙන් ජය ලැබූ කොළඹ පැසිපන්දු සමාජය අතර අද (24 වැනිදා) පැවැත්වේ.
එම තරගයන් ජයගන්නා කණ්ඩායම එළඹෙන 27 වැනිදා කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී හම්බන්තොට ‘බ්ලූස්’ කී‍්‍රඩා සමාජය සමගින් තරග වැදීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.