Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හයවැනි අදියරේ ජය මර්සෙල් කිටෙල්ට

හයවැනි අදියරේ ජය මර්සෙල් කිටෙල්ට

Nisanka Sandeepani - 2017 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලොව පැරණිතම පාපැදි සවාරිය ලෙස සැලකෙන ප්‍රංශ පාපැදි සවාරියේ හයවැනි අදියර ජය ගැනීමට මහ බ්‍රිතාන්‍යයේ මර්සෙල් කිටෙල් සමත් විය. කිලෝ මීටර් 216 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ වෙසෝල් නරගයෙන් ආරම්භ වී ට්‍රෝයස් නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා කිටෙල්ට ගත වූ කාලය පැය 5.05:34 කි. 

මෙවර තරගාවලියේ දෙවැනි අදියරේ ජයග්‍රාහකයා බවට පත්වූයේද කිටෙල්ය. ඒ අනුව මේ දක්වා අදියර 2 ක් ජයගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමටද ඔහු සමත් විය. 

කිටෙල් සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ ප්‍රංශයේ අර්නවුඞ් ඩිමේයර් හයවැනි අදියරේ දෙවැනි ස්ථානයත්, ජර්මනියේ ඇන්ඩ්‍රි ග්‍රේපල් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. නොර්වේහි ඇලෙක්සැන්ඩර් ක්‍රිස්ටෝෆ් සහ ප්‍රංශයේ නේසර් බොවුහානි පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ. 

හයවැනි අදියර ජයගැනීමට කිටෙල් සමත් වුවද, මුල් අදියර 5 නිමා කිරීමට ගතකළ කාලයත් සමඟ ගත්කල සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ජර්මනියේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත් විය. ෆෝම්ට වඩා විනාඩි 18:05 ක් පසුපසින් සිටින කිටෙල්ට සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව හිමිව ඇත්තේ 127 ස්ථානයයි. 

සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින මහ බ්‍රිතාන්‍යයේ ජෙරේන්ට් තෝමස්, ෆෝම්ට වඩා තත්ත්පර 12 ක් පසුපසින් සිටින අතර එහි තෙවැනි ස්ථානයේ පසුවන ඉතාලියේ ෆැබියෝ අරූ, ෆෝම්ට වඩා තත්ත්පර 25 ක් පසුපසින් සිටියි.   

පාපැදි සවාරියේ හත්වැනි අදියර අද (7 වැනිදා) ට්‍රෝයස් නරගයෙන් ආරම්භ වී නුයිට්ස් සයින්ට් ජෝර්ජ්ස් නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 213.5 කි. 

සමස්ත තරගයේ ප්‍රතිඵලය 

1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 23.44:33 
2 ජෙරේන්ට් තෝමස් (මහ
බ්‍රිතාන්‍යය) - පැය 23.44:45 
3 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 23.44:47 
4 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 23.44:58 
5 රිචී පොර්ට් (ඕස්ට්‍රේලියාව) - පැය 23.45:12 
6 සයිමන් යේට්ස් (මහ 
බ්‍රිතාන්‍යය) - පැය 23.45:16 
7 රොමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 23.45:20 
8 ඇල්බර්ටෝ කොන්ටඩෝර් (ස්පාඥ්ඥය) - පැය 23.45:25 
9 නයිරෝ කුයින්ටනා (කොලෙම්බියා) - පැය 23.45:27 
10 රෆාල් මජ්කා (පෝලන්තය) - පැය 23.45:34 

-036 


අදහස් (0)

හයවැනි අදියරේ ජය මර්සෙල් කිටෙල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.