Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හයිද්‍රාබාද් - චෙන්නායි කරට කර සටනක

හයිද්‍රාබාද් - චෙන්නායි කරට කර සටනක

Nisanka Sandeepani - 2018 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 36 ක් නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ කරට කර සටනක නිරත වෙමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14 බැගින් හිමිකර ගෙන සිටිති.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සම ප්‍රසාද ලකුණු ලබාගැනීමට සමත්වුවද දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට අවස්ථාව හිමිවිය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරග 9 කට සහභාගිවී ඉන් තරග 7 ක් ජයගෙන තරග 2 ක් පරාජයට පත්වී ඇත. තරග 10 කට සහභාගීවූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග 7 ක් ජයගෙන ඇති අතර තරග 3 ක් පරාජයට පත්විය.

ප්‍රසාද ලකුණු 10 බැගින් හිමිකරගෙන සිටින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙති.

තරග 9 කට ක්‍රීඩාකර ඇති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග 5 ක් ජයගනිමින් තරග 4 ක් පරාජයට පත්ව ඇති අතර කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම තරග 8 කට ක්‍රීඩාකර තරග 5 ක් ජයගනිමින් තරග 3 ක් පරාජයට පත්වීය.

පසුගිය වසරේ ශූරයන්වූ රෝහිත් ශර්මා නායකත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, විරාට් කෝලී නායකත්වය දරණ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම, ශ්‍රීයාස් අයියර් නායකත්වය දරණ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සහ අජින්ඛ්‍යා රහනේ නායකත්වය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6 බැගින් ලබාසිටින අතර දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් පස්වැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි ස්ථානවල පසුවෙති.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ අම්බති රයිදු තරග 10 කට සහභාගීවී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 423 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 82 ඉනිමකදී ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේය.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ උමේෂ් යාදව් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ ටේ‍රන්ට් බෝල්ට් සමත් වී ඇති අතර ඔවුන් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 13 කි. 

 

 


අදහස් (0)

හයිද්‍රාබාද් - චෙන්නායි කරට කර සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.