Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හයිද්‍රාබාද් පිල කඩුලු 5 කින් ජයගනී

හයිද්‍රාබාද් පිල කඩුලු 5 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 39 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 141 ක් පමණි. තරගය ජයගැනීම සඳහා බැංගලෝර් කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 12 ක් රැස්කිරීමට සිදුවූ අතර කඩුල්ලක්ද දවාගනිමින් එම ඕවරය ලකුණු 6 කට සීමා කළ බුවනේෂ්වර් කුමාර් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමුවේය. 

මන්දීප් සිං (නොදැවී 21) සහ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් (33) එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගුවද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට ඔවුන්ට නොහැකි වූහ. බැංගලෝර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක විරාට් කෝලි පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 39 ක් රැස්කළේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 146 ක් රැස්කළ අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට නායක කේන් විලියම්සන් (56) සමත් විය. පන්දු 39 කට මුහුණදුන් විලියම්සන් සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සැරසීය. සකීබ් අල් හසන් පන්දු 32 කදී ලකුණු 35 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඞ් සිරාජ් සහ ටිම් සවුති කඩුලු 3 බැගින් දවාගනිමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ පිතිකරුවන් මහත් පීඩනයකට පත් කළහ.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 146
(කේන් විලියම්සන් 56, සකීබ් අල් හසන් 35, මොහොමඞ් සිරාජ් 25/3,  ටිම් සවුති 30/3)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 141
(පාර්තිව් පටේල් 20, විරාට් කෝලි 39, මන්දීප් සිං නොදැවී 21, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 33, සකීබ් අල් හසන් 36/2)

- 036

 


අදහස් (0)

හයිද්‍රාබාද් පිල කඩුලු 5 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.