Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 19 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ කොල්කටා නයිරට්රයිඩර්ස් පිල අතර විශාකාපට්නම්හිදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 16 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත් විය.
වර්ෂාව නිසා එක් ඉනිමක් අවසානයේ මද වේලාවකට තරගය නරත කිරීමට සිදුවූ අතර ජයග‍්‍රහණය සඳහා කොල්කටා නයිරට්රයිඩර්ස් පිලට ඕවර 12 කදී ලකුණු 118 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වුවත් ඔවුන්ට එහිදී කඩුලූ 4 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 101 ක් පමණි.
කොල්කටා පිිලේ වැඩිම ලකුණු ලාභියා වූ රොබින් උත්තාපා පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 4 දැවී ලකුණු 177 ක් ලබාගත්තේය.
ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ හයිද්‍රාබාද් පිලේ නායක ඬේවිඞ් වෝනර් පන්දු 55 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 91 ක් රැස්කිරීමට සමත් විය.
ඔහුට අගනා සහයක් දුන් ශිකර් ධවාන් පන්දු 46 කදී ලකුණු 54 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
ඔවුන් දෙදෙනා එක්ව හයිද්‍රාබාද් පිලේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 130 කි. ඒ සඳහා ඔවුන්ට වැය වී තිබුණේ පන්දු 86 ක් පමණි.
කාසියේ වාසිය දිනූ කොල්කටා නයිරට්රයිඩර්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් පිල ආරාධනා කර සිටියේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලූ 4 දැවී 176
(ශිකර් ධවාන් 54, ඬේවිඞ් වෝනර් 91, නාමන් ඕජා 18, මෝනි මෝකල් 31/2)
කොල්කටා නයිරට්රයිඩර්ස් පිල - ඕවර 12 කදී කඩුලූ 4 දැවී 101
(රොබින් උත්තාපා 34, මනීෂ් පාණ්ඬේ නොදැවී 33, ඇන්ඩි‍්‍ර රසල් 19)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.