Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හයිද්‍රාබාද් පිල ලකුණු 20 කින් ජයගනී

හයිද්‍රාබාද් පිල ලකුණු 20 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය ලෙස කිංග්ස් XI පංජාබ් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර මොහාලිහිදී අද (27) පැවැති තරගයෙන් හයිද්‍රාබාද් ක‍්‍රීඩකයෝ ලකුණු 20 ක ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රහණය ස`දහා ලකුණු 151 ක ඉලක්කය හඹාගිය පංජාබ් පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 130 ක් පමණක් රැස් කළේය.

නවසීලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ටෙ‍්‍රට් බෝල්ට් ලකුණු 19 කට කඩුලූ 3 ක් දවා ගනිමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.

පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් පිලේ නායක ඬේවිඞ් වෝනර් පන්දු 41 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 58 ක් රැස්කරමින් තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

අෂිෂ් රෙඞ්නි පන්දු 8 කදී හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 22 ක් රැුස්කරමින් ලකුණු 150 ක් දක්වා රැගෙන ආවේය. ඉන්දීය ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 2 කදී ලකුණකට දැවී යෑම සන්රයිසස් පිලට දැඩි පාඩුවක් බවට පත්විය.  

පංජාබ් පිලේ නායක ජෝජ් බේලි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ශ‍්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා, කිංග්ස් XI පංජාබ් සංචිතයට ඇතුළත්ව සිටිය ද මෙම තරගයේදී ද ක‍්‍රීඩා කරන 11 දෙනාට ඇතුළත්ව නැත.


සන්රයිසස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 150
(ඬේවිඞ් වෝනර් 58, මොසිස් හෙන්ද්‍රික්ස් 30, නාමන්  ඕජා 28, අෂීෂ් රෙඞ්ලි නොදැවී 22, අෂර් පටෙල් 25/2, මිචෙල් ජොන්සන් 39/2)

කිංග්ස් XI පංජාබ් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 130
(මුරලි විජේ 12, ජෝජ් බේලි 22, ඬේවිඞ් මිලර් 15, රිදීමන් සාහා 42, අෂර් පටෙල් 17, ටෙ‍්‍රට් බෝල්ට් 19/3, බුවනේෂ්වර් කුමාර් 23/2)

 

- 048

 


අදහස් (0)

හයිද්‍රාබාද් පිල ලකුණු 20 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.