Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 22 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 170 ක් පමණි.
චෙන්නායි පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ෆෆ් ඩුප්ලෙසී පන්දු 22 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් ලබාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියමිත ඕවර 20 අවසනයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 192 ක් ලබාගත්තේය.
හයිද්‍රාබාද් පිලේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඬේවිඞ් වෝනර් (61) සහ ශිකර් ධවාන් (නොදැවී 37) සමත් වූහ.
වේගවත් පිතිහරඹයක නිතර වූ නායක ඬේවිඞ් වෝනර්, පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් සිය අර්ධ ශතකය ලබාගත්තේය.
හයිද්‍රාබාද් ඉනිම අවසන් වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ඔයින් මෝගන් පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඞ්වේන් බ‍්‍රාවෝ ඕවර 4 ක් යවා ලකුණු 25 කට කඩුලූ 3 ක් දවැගැනීමට සමත් වූ අතර ඉන් 2 ක්ම ඉනිමේ අවසන් ඕවරයේදී බිඳ වැටිණ.
කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ආරාධනා කර සිටියේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 192
(ඬේවිඞ් වෝනර් 61, ශිකර් ධවාන් 37, මොරිස් හෙන්රික්ස් 19, ඔයින් මොගන් නොදැවී 32, නාමන් ඕජා 20, ඞ්වේන් බ‍්‍රාවෝ 25/3)
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 170
(ඞ්වේන් සිමිත් 21, සුරේෂ් රයිනා 23, ෆෆ් ඩුප්ලෙසී 33, මහේන්ද්‍ර සිං දෝනි 20, පවන් නේගි නොදැවී 25, රවින්ද්‍ර ජදේජා නොදැවී 14, මොරිස් හෙන්රික්ස් 20/2, බුවනේෂ්වර් කුමාර් 32/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.