Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 41 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර මුම්බායිහිදී අද (7 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 194 ක් පමණි.
රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ස්ටීවන් ස්මිත් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 68 ක් රැස්කිරීමට සමත් විය.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ කි‍්‍රස් මොරිස් පන්දු 11 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළද රාජස්ථාන් පිල ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
ඕවර 4 ක් යවමින් ලකුණු 44 කට කඩුලූ 3 ක් දවාගත් බුවනේෂ්වර් කුමාර් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 201 ක් ලබාගත් අතර එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ඔයින් මෝගන් පන්දු 28 කදී ලකුණු 63 ක් රැස්කළේය. ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 5 ක සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
පළමු කඩුල්ල වෙන්වෙන් පන්දු 27 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට හයිද්‍රාබාද් පිලේ ආරම්භක පිතිකරු යුගලය වන ශිකර් ධවාන් (54) සහ ඬේවිඞ් වෝනර් (24) සමත් වූහ.
පන්දු 35 කදී වාර්තා වූ ශිකර් ධවාන්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වු අතර පන්දු 18 කදී වාර්තා වූ ඬේවිඞ් වෝනර්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ආරාධනා කර සිටියේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 201
(ශිකර් ධවාන් 54, ඬේවිඞ් වෝනර් 24, මොයිසස් හෙන්රික්ස් 20, ඔයින් මෝගන් 63, රවී බොපාරා නොදැවී 17, ෂේන් වොට්සන් 36/2)
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 194
(ස්ටීවන් ස්මිත් 68, ජේම්ස් ෆෝක්නර් 30, සංජු සැම්සන් 21, කි‍්‍රස් මෝරිස් නොදැවී 34, බුවනේෂ්වර් කුමාර් 44/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.