Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස් පිලට පහසු ජයක්

හැව්ලොක්ස් පිලට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ හැව්ලොක්ස් පිල සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර මේට්ලන්ඞ් පෙදෙසේදී අද (24) පැවැති තරගයෙන් ලකුණු 51-20 ක පහසු ජයක් ලැබීමට හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ සමත් වූහ.


ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල උත්සාහක දිනුම් 6 කින් සහ ගෝල 3 කින් ලකුණු ලැබූ අතර සී. එච්. පිලට ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය. හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-7 ක් ලෙස පෙරමුණේ පසු විය.


හැව්ලොක්ස් පිල වෙනුවෙන් සඳුන් හේරත් සහ මිතුන් හපුගොඩ උත්සාහක දිනුම් දෙක බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. නායක ඩිලන් වර්ණකුලසූරිය, සුදර්ශන මුතුතන්ත‍්‍රි, හෙන්රි ටෙරන්ස්, තුසිත සමරතිලක සහ චතුරංග මෙන්ඩිස් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ.


සැමෝවා ක‍්‍රීඩක හකාලෝ වෙලයාමි ගෝල ප‍්‍රවර්ථන දෙකක් ද, මොහොමඞ් ෂෙරීෆ් ගෝල ප‍්‍රවර්ථනයක් ද, සාර්ථක කළහ. කෙසේ වෙතත් හකාලෝ වෙලයාමි වෙතින් පළමු උත්සාහක දිනුම් පහේ ගෝල ප‍්‍රවර්ථන අසාර්ථක නොවන්නට ලකුණු තත්ත්වයට මීට වඩා වැඩි වීමට ඉඩ තිබුණි.


සී. එච්. පිලට බිමල් හේරත්, චමින්ද්‍ර හේරත් සහ අසංක මධුරංග උත්සාහක දිනුම් බැගින් එකතු කළ අතර නලීන් කුමාර ගෝල ප‍්‍රවර්ථනය සහ දඩුවම් පහර සාර්ථක කළේය.


දෙවැනි අර්ධයේ 13 වැනි මිනිත්තුවේදී සී. එච්. පිල දෙවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කරන විට හැව්ලොක්ස් පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන හසිත පෙරේරා සහ ශරෝ ප‍්‍රනාන්දු කහ කාඞ් පතින් අවවාද ලබා ක‍්‍රීඩාංගණයෙන් පිටත සිටීම නිසා හැව්ලොක්ස් පිලට විනාඩි 7 ක පමණ කාලයක් ක‍්‍රීඩකයන් 13 දෙනකුගෙන් ක‍්‍රීඩා කිරීමට සිදුවිය.


සෙසු තරගවලදී මහනුවර පිල විසින් ලකුණු 29-15 ක් ලෙස සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිලද, යුද හමුදා පිල විසින් ලකුණු 22-20 ක් ලෙස අප්කන්ටි‍්‍ර ලයන්ස් පිලද පරාජය කරන ලදී.


අදහස් (1)

හැව්ලොක්ස් පිලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.