Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස් වෙතින් යුද හමුදාවට ප්‍රහාරයක්

හැව්ලොක්ස් වෙතින් යුද හමුදාවට ප්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේ තරග ආරම්භ කරමින් රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද (04) පස්වරුවේ පැවැති තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 50-32 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

මෙහිදී හැව්ලොක්ස් සහ යුද හමුදා යන කණ්ඩායම් දෙකම අතිරේක ප්‍රසාද ලකුණ බැගින් හිමිකරගැනීම කැපී පෙනුණි.  

හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 31-13 ක් ලෙස ලකුණු 18 කින් පෙරමුණේ පසුවිය.  

යුද හමුදා පිලේ ධනුෂ්ක තලවත්ත දෙවැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සාර්ථක කරමින් ලකුණු 5-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. හැව්ලොක්ස් පිලේ ෆුල්බැක් ක්‍රීඩක රීසා මුබාරක් මිනිත්තු හතරකට පසුව  සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු පුවරුව 5-5 ක් ලෙස සම විය.

යුද හමුදා පිලට 11 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර ගයාන් සාලින්ද සාර්ථක කිරීමත් සමඟ යුද හමුදාව ලකුණු 8-5 ක් ලෙස නැවතත් පෙරමුණ ගත්තේය.  

එරංග ආරියපාල 14 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම රීසා මුබාරක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමතත් සමඟ හැව්ලොක්ස් පිල ලකුණු 12-08 ක් ලෙස ඉදිරියට පැන්නේය.

සෙනාල් දීලක 25 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමත් සමඟින් හැව්ලොක්ස් පිල ලකුණු 17-8 ක් ලෙස පරතරය වැඩි කරගත්තේය. පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු හතරක් පමණක් තිබියදී මිතුන් හපුගොඩ ගෝල කණු අතර තැබූ පන්දුවට රීසා මුබාරක් අතිරේක ලකුණු මුසුකිරීමත් සමඟ ලකුණු තත්ත්වය 24-8 ක් බවට පත්විය.

සුදාරක දික්කුඹුර 38 වැනි මිනිත්තුවේදී යුද හමුදාවට එකු කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු පුවරුව 24-13 ක් බවට පරිවර්ථනය විය.

අෂ්මීන් ෆජුඩීන් පළමු අර්ධය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී හැව්ලොක්ස් පිලට උත්සාහක දිනුමක් එකතු කළේය. රීසා මුබාරක් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 31-13 ක් බවට පත්විය.
යුද හමුදා පිලේ ධනුෂ්ක තල්වත්ත දෙවැනි අර්ධයේ තෙවැනි මිනිත්තුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම යුද හමුදා පිලට එක් කරමින් ලකුණු පරතරය 13 කට අඩු කළේය.

හැව්ලොක්ස් පිලට මිතුන් හපුගොඩ හත්වැනි මිනිත්තුවේ ද, නිරෝෂණ ප්‍රනාන්දු 11 වැනි මිනිත්තුවේදී ද, එකතු කළ උත්සාහක දිනුම් රීසා මුබාරක් ගෝල බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු තත්ත්වය 45-18 ක් බවට පත්විය.
අශෝක ජයලාල් 18 වැනි මිනිත්තුවේදී යුද හමුදා පිලට උත්සාහක දිනුමක් එකතු කළේය. ගයාන් සාලින්ද එය ගෝලයක් බවට ප්‍රවර්ථන කිරීමෙන් ලකුණු පුවරුව 45-25 ක් බවට පත්විය.

දෙවැනි අර්ධයේ අවසන් භාගයේ හැව්ලොක්ස් පිලට උත්සාහක දිනුමක් ද, යුද හමුදා පිලට ගෝල දිනුමක් ද, එකතු වීමෙන් අවසන් ලකුණු පුවරුව 50-32 ක් බවට පත්විය.


දෙවැනි වටයේ පළමු සතිය යටතේ හෙට සහ අනිද්දා පැවැත්වෙන තරග

● 5 වැනිදා - සී. ආර්. පිල සහ පොලිස් පිල අතර ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී
● 6 වැනිදා - සී. එච්. පිල සහ නාවික හමුදා පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී
● 6 වැනිදා - මහනුවර පිල සහ ගුවන් හමුදා පිල අතර නිත්තවෙල පිටියේදී

 

ඡායාරූප - ගයාන් අමරසේකර


අදහස් (0)

හැව්ලොක්ස් වෙතින් යුද හමුදාවට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.