Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේ පැවති 99 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට හීරා අශික් අද (24 වැනිදා) සමත්විය.
අද පැවති පිරිමි අවසන් මහ තරගයේදී පිට පිට වසර 3 ක් ජාතික ටෙනිස් ශූරතාව දිනා ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු වැනි ස්ථානයේ රැදීසිටි දිනේෂ්කාන්තන් තංගරාජා, තරග වට 3-1 ක් ලෙස පරාජය කරමින් ඔහු මේ වසරේ ජාතික ශූරයා බවට පත්විය.
ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල 16 වැනි ස්ථානයේ පසුවන හීරා, ටෙනිස් ජාතික ශූරතාව ජයග‍්‍රහණය කළ ප‍්‍රථම අවස්ථාව මෙය වේ. මෙවර ඔහු විසින් පරාජය කරන ලද දිනේෂ්කාන්තන් තංගරාජා හමුවේ ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී පරාජයට පත්වීම නිසා ඔහුට එවර අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදුවිය.
මෙවර තරගාවලියේ පෙරළිකාර කී‍්‍රඩකයා ලෙස හැදින්විය හැකි හීරා ආෂික්, පෙර අර්ධ අවසන් වටයේදී ශේණිගත කිරීම් වල 3 වැනි ස්ථානයේ පසුවන නිශාංගන් නඩරාජාද, අර්ධ අවසන් වටයේදී ශේණිගත කිරීම් වල 7 වැනි ස්ථානයේ පසුවන දෙල්වර් හුසේන්ද පරාජය කරමින් විවෘත කේවල ඉසව්වේ ඉදිරියට පැමිණියේය.
පළමු අවසන් පූර්ව තරගයේදී සංඛ අතුකෝරාල (ශේණිගත කිරීම් වල 2 වැනි ස්ථානයේ පසුවේ) පරාජය කරමින් හීරා ආෂික් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර දිනේෂ්කාන්තන් තංගරාජා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ හීරාගේ සොහොයුරු තන්වීර් ආෂික් පරාජය කරමිනි.
විවෘත පිරිමි කේවල අවසන් තරගය
විවෘත පිරිමි කේවල අවසන් පූර්ව තරග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.