Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හෙඞ් - අභිෂේක් ලක්නව් පන්දු යවන්නන් මඩවති
අයි.පී.එල්. - 2024

හෙඞ් - අභිෂේක් ලක්නව් පන්දු යවන්නන් මඩවති

editorial - 2024 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 57 වැනි තරගය ලෙස ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර හයිද්‍රාබාද් නුවර රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩයම සමත් විය. මෙවර තරගාවලියේදී හයිද්‍රාබාද් කණ්ඩායම ලැබූ හත්වැනි ජය මෙන්ම ලක්නව් කණ්ඩායම ලැබූ හයවැනි පරාජයද මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ ඕවර 9.4 ක් අවසානයේ කිසිවකු නොදැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයන්හි නිරත වූ ට්‍රැවීස් හෙඞ් පන්දු 30 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 89 ක්ද, අභිෂේක් ශර්මා පන්දු 28 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 75 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් ලබාගත් අතර නිකලස් පූරන් (නොදැවී 48) සහ අයුෂ් බදෝනි (නොදැවී 55) අර්ධ ශතක ලබමින් ලක්නව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 99 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ. 

පන්දු 26 කදී වාර්තා වූ පූරන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දු 30 කදී වාර්තා වූ බදෝනිගේ අර්ධ ශතකයට හතරේ පහර 9 ක් ඇතුළත් විය. නායක ලොකේෂ් රාහුල් පන්දු 33 කින් ලකුණු 29 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. 


ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 165  
(ලෝකේෂ් රාහුල් 29, කෘනාල් පාණ්ඩ්‍යා 24, නිකලස් පූරන් නොදැවී 48, අයුෂ් බදෝනි නොදැවී 55, බුවනේෂ්වර් කුමාර් 12/2) 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කිසිවකු නොදැවී 167 
(අභිෂේක් ශර්මා නොදැවී 75, ට්‍රැවීස් හෙඞ් නොදැවී 89) 


 
-036 


අදහස් (0)

හෙඞ් - අභිෂේක් ලක්නව් පන්දු යවන්නන් මඩවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.