Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හෙට තරගයත් ක්‍රීඩිකාවන් නිරීක්ෂණයට

හෙට තරගයත් ක්‍රීඩිකාවන් නිරීක්ෂණයට

editorial - 2022 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ සිංගප්පූරුවේ සිට)

ශ්‍රී ලංකාවට හෙට (05)  තරගයේ දී මුණගැසෙන  පිලිපීන කණ්ඩායම අවතක්සේරු නොකරන බවත් සෑම තරගයක ම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ධෛර්ය සම්පන්න බව ඉහළ යෑමට  හේතුවන බවත් සිංගප්පූරුවේ  දී ආරම්භ වූ  12 වෙනි ආසියානු කුසලාන  දැල්පන්දු  තරගාවලියේ අද දෙරට අතර පැවැත්වෙන  තරගය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයාංජලි අමරවංශ පැවසුවාය.

මෙම තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2,30 ට පැවැත්වේ. තරගාවලියට මුහුණදුන් පළමු තරඟය ඉන්දියාවට එරෙහිව ලකුණු 102 -14 තරම් ඉහල තත්වයකින් වාර්තා කරන්නට එහිදී ශ්‍රී ලංකාව සමත් විය.

ඉන්දියාව සමඟ පැවති තරගය මෙන්ම හෙට තරඟයත් ක්‍රීඩිකාවන්ගේ ආදේශ කිරීම් වල සාර්ථකභාවය නිරීක්ෂණයට යොදා ගන්නා බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරණී හයිසීන්ත් විජේසිංහ ලංකාදීප ට පැවසුවාය.
               
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව මෙන්ම ප්‍රධාන පුහුණු කාරණී ද එහිදී වැඩිදුරටත් පැවසුවේ ඊළඟට යෙදෙන දෙවන වටයේ දී සිංගප්පූරුව ,මලයාසියාව වැනි ප්‍රබල රටවල් මුණ ගැසීමේ දී මෙම ක්‍රීඩිකාවන්ගේ ආදේශ නිරීක්ෂණය ඉතා වැදගත්වන බවයි.
         
ශ්‍රී ලංකාව අවසන් වරට පැවති (2018) තරගාවලියේ ශූරයින් වන බැවින් මෙවර තරගාවලියේ අවසන් ප්‍රතිඵලයට ලංකාවේ බලපෑම දැඩි අවධානයට යොමුව පවතී.
                  
 ලංකාවට හෙට මුණගැසෙන පිලිපීන කණ්ඩායමේ නායකත්වය දරන්නේ පන්දු විදින්නියක් මෙන්ම පන්දු ප්‍රහාරිකාවක් වශයෙන්ද දස්කම් දක්වන ලුබොග්ඩා කරීන්‍ ය.
          
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගි වූ ඉන්දියාවට එරෙහි පළමු තරගය  ජය ගැනීමේදී 34 -02, 24-01, 21-07 ක් සහ 23-4ක් ලෙස ඉදිරියෙන් පසු වීය.

අද (4) දක්වා තරගාවලිය මෙතෙක් පැවති මූලික වටයේ තරග වලදී සිංගප්පූරුව වෙතින්  ජපානය ල්කුණු 103 -14 දැවැන්ත පරාජයක් ලැබීය. මැලේසියාව විසින් බෲනායි කණ්ඩායම පරාජය කළේ ලකුණු  78- 22 ටය. පිලිපීනය තවත් තරගයකදී  ඉන්දියාවට එරෙහිව45 - 41 තියුණු  ජයක් ලැබීය.

මේ අතර සිංගප්පූරුවට දැන් ගොස් සිටින ශ්‍රී ලංකා දැන් පන්දු කණ්ඩායමේ තේරීම් සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන   රණතුංග මහතා වෙත  ඇතම් පාර්ෂවයන් තවදුරටත්  පැමිණිලි කරමින් සිටින බවද වාර්තා වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අර්ජුන රණතුංග මහතා ජාතික දැල්පන්දු පුහුණු කාරණී හයීසීන්ත් විජෙසිංහ මහත්මියට දුරකථනයෙන් කතා කර උපදෙස් ලබා දී තිබෙන බවද වාර්තාවේ.


අදහස් (0)

හෙට තරගයත් ක්‍රීඩිකාවන් නිරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.