Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශයේ කණ්ඩායමක් පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් සහ දිස්ත්‍රික් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා වන හේමාල් මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය තුළදීම ඊයේ (08) පස්වරුවේ ඔවුන්ගේ බාරයට ගෙන තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශයේ තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹ 07 මේට්ලන්ඞ් පෙදෙසේ පිටිහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ මෙන්ඩිස් මහතා සහ ඔහුගේ ජංගම දුකථනය ඊයේ දහවල් 1.00 ට පමණ බාරයට ගෙන තිබේ. මෙම සිද්ධිය වන අවස්ථාවේදී හේමාල් මෙන්ඩිස් මහතා ක්‍රිකට් ආයතනය තුළ රාජකාරී මට්ටමේ රැස්වීමකට සහභාගි වී සිටි බවද වාර්තා වේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙම කණ්ඩායම ඉහළ වටිනාකමකින් යුත් මෝටර් රථ දෙකකින් පැමිණ ඇති අතර එම තිදෙනාට කාන්තාවක් ද ඇතුළත්ව සිටි බව කියැවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ තමන්ට ද කිසිවක් ප්‍රකාශ නොකර මෙන්ඩිස් මහතා එම පුද්ගලයන් බාරයට ගත් බවයි.
“අපිට එකට මැදිහත් වෙන්න බෑ. ඔවුන් එකවරම ආවා මෙන්ඩිස් මහතා සහ ඔහුගේ දුරථනය බාරයට ගත්තා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
හේමාල් මෙන්ඩිස් මහතාව රැගෙන යන ලද ස්ථානය ගැන පවා තමන් කිසිවක් නොදන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
සති දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණියේ යැයි කියන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන කණ්ඩායම මීට පෙර ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු ද මේ ආකාරයටම ඔවුන්ගේ බාරගත් බවද වාර්තා විය. එහිදීද මෙම දූෂණ මර්ධන නිලධාරීන් එම හිටපු වේග පන්දු යවන්නාගේ දුරකථනය ඔවුන්ගේ බාරයට ගෙන තිබුණි.
එහිදී එම නිලධාරීන් හේමාල් මෙන්ඩිස් මහතා සමඟ ඇති සම්බන්ධය පිළිබඳව අදාල හිටපු වේග පන්දු යවන්නාගෙන් ප්‍රශ්න කර ඇතැයි ද දැනගන්නට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.