Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන මස 20 වැනිදා එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන එකම විස්සයි:20 තරගය සඳහා චතුරංග ද සිල්වා ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවා තිබේ. විස්සයි:20 ලෝක කුසලාන දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වූ රංගන හේරත්ගේ ස්ථානය සඳහා චතුරංග කැඳවනු ලැබ ඇත.
වි:20 ලෝක කුසලාන තරගාවලියේදීත් අතිරේක කී‍්‍රඩකයකු වශයෙන් කණ්ඩායමේ සිට චතුරංග ද සිල්වා වමතින් දග පන්දු යවන්නකු වන අතර දක්‍ෂ මැද පෙළ පිතිකරුවකුද වෙයි.
මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනා වි:20 අන්තර්ජාතික කි‍්‍රකට් තරග වලින් සමුගෙන සිටින බැවින් ඔවුන් දෙදෙනාගේ ස්ථාන සඳහා අශාන් පි‍්‍රයන්ජන් සහ කිත්රුවන් විතානගේ කැඳවා තිබේ.
ශී‍්‍ර ලංකා වි:20 සංචිතය
ලසිත් මාලිංග (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), කුසල් ජනිත් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, අශාන් පි‍්‍රයන්ජන්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, චතුරංග ද සිල්වා, සචිත‍්‍ර සේනානායක, සුරංග ලක්මාල්, සීකුගේ ප‍්‍රසන්න සහ අජන්ත මෙන්ඩිස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.