Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ප‍්‍රධානතම රටවල් පහ අතර පැවැත්වෙන රග්බි තරගාවලියේ (2014) ශ‍්‍රී ලංකාව සහ හොං කොං අතර කොළඹ පැරණි තුරග තරග පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ අද (03) රාත‍්‍රී පැවැති තරගයෙන් හොං කොං ක‍්‍රීඩකයෝ ලකුණු 41-10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
තරග ආරම්භයේ සිටම හොං කොං පිල පෙරමුණේ පසු වූ අතර එහිදී ක‍්‍රීඩකයන් අතර පන්දුව මාරු කිරීම, ක‍්‍රීඩකයන් ස්ථානගත වීම සහ ඉදිරිපෙළ ක‍්‍රීඩකයන්ගේ ශක්තිය යන අංශවලින් හොං කොං පිල ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියේය.
තරගය ආරම්භ වී දෙවැනි මිනිත්තුවේදී මැකඩම් ක‍්‍රිස්ටෝපර් සාර්ථක කරගත් දඩුවම් පහරත් සමග ලකුණු 3-0 ක් ලෙස හොං කොං පිල පෙරමුණට පැමිණියේය.
එතැන් සිට 10 වැනි, 15 වැනි, 29 වැනි සහ 40 වැනි මිනිත්තුවලදී උත්සාහක දිනුම් හතරක් සම්පූර්ණ කළ හොං කොං ක‍්‍රීඩකයෝ ඒවායේ ප‍්‍රවර්ථන තුනක් සමගින් ලකුණු 29-0 ක් ලෙස පළමු අර්ධය අවසන් කිරීමට සමත් වූහ.
හොං කොං ක‍්‍රීඩකයෝ පළමු අර්ධයේ අවසන් උත්සාහක දිනුම ශ්‍රී ලංකා ඉදිරි පෙළ ක‍්‍රීඩකයන් මීටර 15 ක් පමණ තල්ලූ කරමින් ගෝල සීමාව ආක‍්‍රමණය කිරීම කැපී පෙනුණි.
පළමු අර්ධය තුළදී නුවන් හෙට්ටිආරච්චි වෙතින් අසීරු දඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝල උත්සාහයක් ගිලිහි ගියේය.
හොං කොං පිල දෙවැනි අර්ධයේ 10 වැනි මිනිත්තුවේදී ගෝල දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 36-0 ක් බවට පත් කළේය.
ශ්‍රී ලංකා පිලට තරගයේ 65 වැනි මිනිත්තුව දක්වා ලකුණු රැස්කිරීමට නොහැකි වූ අතර දෙවැනි අර්ධයේ 25 වැනි මිනිත්තුවේදී නුවන් හෙට්ටිආරච්චි මීටර 40 ක් පමණ දුර සිට සාර්ථක කරගත් දඩුවම් පහරින් ලකුණු පුවරුව 36-3 ක් බවට පත්විය.
දෙවැනි අර්ධයේ 10 වැනි මිනිත්තුවේ සිට 35 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු 25 ක් හොං කොං පිලට ලකුණු ලබා ගැනීමට අවස්ථාව නොදීමෙන් හොං කොං පිලට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව අහිමිවිය. 35 වැනි මිනිත්තුවේදී වියිට්ලි නිකලොස් සම්පූර්ණ කළ හොං කොං පිලේ හයවැනි උත්සාහක දිනුමත් සමග ලකුණු පුවරුව 41-3 ක් බවට පරිවර්ථනය විය.
තරගයේ අවසන් මිනිත්තුවේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පළමු වරට ගෝල කණු ආසන්නයට පැමිණි අතර එහිදී සෙන්ටර් ක‍්‍රීඩක ධනුෂ්ක රංජන්, හොං කොං ක‍්‍රීඩකයන් අන්දමන්ද කරමින් ගෝල කණු අතරින්ම උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. නුවන් හෙට්ටිආරච්චි එය ප‍්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමග ලකුණු 41-10 ක් ලෙස තරගය අවසන් විය.
ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි පරාජය මෙය වන අතර පළමු තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 59-3 ක් ලෙස පරාජය විය.
කොරියාවට එරෙහිව පැවැති තරගයට සහභාගි නොවූ ෆසීල් මරීජා සහ නුවන් හෙට්ටිආරච්චි මෙම තරගයට ක‍්‍රීඩා කළ අතර මෙම කණ්ඩායම නියෝජනය කළ යුතු ක‍්‍රීඩකයන් කීප දෙනකුම පේ‍්‍රක්‍ෂකාගාරයේ නරඹන්නන් අතර සිටිනු දැකගත හැකි විය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ සහභාගි වන තෙවැනි තරගය මේ මස 10 වැනිදා ජපානයට එරෙහිව ටෝකියෝ නුවරදී පැවැත්වේ.
ශ‍්‍රී ලංකාව සහ හොංකොං අතර රග්බි තරගය
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.